සා/පෙළ හෙට සිට- අයැදුම්කරුවෝ 472553ක්

85

හෙට (29 දා) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුත සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

විභාගය හෙට (29 දා) සිට ජුනි 08 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත්වේ. විභාගය සඳහා සිසුහු හාරලක්‍ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස්තුන් දෙනෙක් පෙනී සිටිති. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536 ක් පවතී. විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන ධූමායනය ඇතුළු සුද්ද පවිත්‍ර කිරීම් සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

මීට අමතරව විභාගය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් විභාගයට සිදුවිය හැකි බාධාවන් අවමකර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු අදාළ අංශ සමග විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment