සැක සහිත ගෑස් සිලින්ඩර් දැන් ගත්තු තැනටම දෙන්න පුළුනක් – රජයේ අධිනීතිඥ උසාවියට දන්වයි

103

සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ථ එල්.පී.ගෑස් සිලින්ඩර් ඒවා මිලදී ගත් වෙළෙඳසල්වලට භාරදීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ මනෝහර ජයසිංහ මහතා ඊයේ (26දා* අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ බව ජනතාවට දැනුම්දීමට අවශ්‍ය දැන්වීම් සිංහල, ඉංග‍්‍රීසි හා ද්‍රවිඩ යන භාෂා ත‍්‍රිත්වයෙන් ම විiුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාරිභෝගික සේවා අධිකාරිය හා ගෑස් සමාගම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව කටයුතු කිරීම පැහැර හැර ඇති බවට පෙත්සම්කාර, විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (26දා* අභියාචනාධිකරණයට පැමිණිලි කළ අවස්ථාවේදී රජයේ අධිනීතිඥවරයා එසේ පැවසීය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම් රුවන් ප‍්‍රනාන්දු හා සම්පත් විජයරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (26දා* කැඳවූ අතර එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 8 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

සිලින්ඩර භාරගන්න බෑ කියනවා නම් මේ අයට කියන්න

ගෑස් බෙදාහරින්නන් හෝ නියෝජිතයන් විසින්  ගෑස් සිලින්ඩර ආපසු භාරගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දීමට කටයුතු කරන මෙන් මහජනතාව වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් දන්වා සිටින බව එම අධිකාරියේ සභාපතිවරයා නිවේදනය කර තිබේ.
ක්ෂණික දුරකථන අංකය 1977 වේ

දිස්ති‍්‍රක්කය නිලධාරියාගේ නම දුරකථන අංකය

කොළඹ ඒ. ඒ. ජසූර් මහතා 0771088914

ගම්පහ ආර්. වීරවර්ධන මහතා 0771088896

කළුතර පී. බී. ජනක ප‍්‍රසාද් මහතා 0770106600

ගාල්ල පී. ජයවර්ධන මහතා 0770110101

මාතර ඞී. ජී. ඩබ්. ලක්මාන් මහතා 0771088898

හම්බන්තොට එල්. දික්කුඹුර මහතා 0714406156

රත්නපුර එන්. එම්. යූ. පී. කේ. නාමල්ගම මහතා 0770106655

කෑගල්ල ආර්. ටී. ?නපාන මහතා 0770106604

මහනුවර ඒ. එම්. ජේ. සමන්ත මහතා 0771088901

මාතලේ එම්. ජී. එන්. ආර්. කුමාර මහතා 0712307210

නුවරඑළිය ජේ. එම්. ආර්. කරුණාරත්න මහතා 0770110054

අනුරාධපුරය සී. පෙරේරා මහතා 0773447974

පොලොන්නරුව එච්. ජී. සී. සී. කුමාර මහතා 0770110084

යාපනය ඒ. එල්. ජේ. සාතික් මහතා 0771088910

වව්නියාව නිලන්දන් මහතා 0776628200

කිලිනොච්චිය එන්. විජිතාරන් මහතා 0774349080

මන්නාරම ඒ. එම්. අර්මිස් මහතා 0741838620

මුලතිව් එන්. කි‍්‍රෂ්ණකුමාර් මහතා 0752762008

බදුල්ල වයි. එම්. එස්. යාපාරත්න මහතා 0719990366

මොනරාගල ඒ. එන්. කේ. රත්නායක මහතා 0770110081

ති‍්‍රකුණාමලය වසන්තසේකර මහතා 0770139307

අම්පාර එස්. එන්. එම්. එස්. බී. නවරත්න මහතා 0770110068

මඩකලපුව ආර්. එෆ්. ඒ. සදාත් මහතා 0770110096

කුරුණෑගල ඒ. එස්. නන්එදිරි මහතා 0714412667

පුත්තලම ඊ. යූ. රන්ජන මහතා 0770110103
 

advertistmentadvertistment
advertistmentadvertistment