සැඩපහරට හසුවූ දෙදරු මවගේ දිවි බේරාගනී

303

පුතාගේ ගෙදර යන්න දික්ඔය තරණය කරලා

කාසල්රි ජලාශයට හැටන් ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ගසාගෙන විත් ගලක් මත රැඳී සිටි දෙදරු මවක් ඊයේ (03 දා) බේරා ගැනීමට දික්ඔය ප්‍රදේශවාසීන් සහ හැටන් පොලිසියේ නිලධාරීන් සමත් වී ඇත.

සැඩපහරට හසුවූ දෙදරු මවගේ දිවි බේරාගනී

හැටන්, දික්ඔය වතුයායේ පදිංචි දෙදරු මව ඊයේ අලුයම අවදි වී දික්ඔය වනරාජා වතුයායේ තම පුතාගේ නිවසට යෑම සඳහා දික්ඔය ඇළ තරණය කිරීමට ගිය අවස්ථාවේ ඇළෙහි සැඩ පහරට හසුවී පහළට ගසාගෙන ගිය මව පදිංචිකරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන ඇත. බේරාගත් දෙදරු මව ඇය පදිංචි නිවසටම ගොස් නැවත භාරදීමට හැටන් පොලිසියේ නිලධාරින් විසින් පියවර ගෙන තිබිණ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment