සැඩ පහරට හසුවූ තේ දළු ලොරිය සපත්තු පාලමෙන් කෙළින්කන්ද ගඟට

136

කලවාන තේ කර්මාන්තශාලාවකට තේ දළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගය හරහා වැටී ඇති සපත්තු පාලමක් මතින් ගමන් කිරීමේදී සැඩ පහරට හසුව කෙළින්කන්ද කුඩා ගඟට පෙරළීමෙන් රථයට දැඩි හානි සිදු ව තිබේ.

පසුගිය(31) දා රාත‍්‍රියේ මෙම ලොරි රථය කුකුළේ ගඟ ප‍්‍රධාන මාර්ගයේ කෙළින්කන්ද පංසල අසළ සපත්තු පාලමෙන් එගොඩ වීමට යෑමේදී ක්ෂණිකව වැඩි වූ ජල පහරට හසුව මෙසේ ගඟට පෙරළී තිබේ. අනතුරින් තේ දළු තොගයට හා රථය හානි සිදුව ඇති අතර පුද්ගල හානියක් සිදුව නැත. සිද්ධිය පිළිබඳව බදුරලිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මහිලාල් පද්මසූරිය – අගලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment