සැත්කමට ආධාර කර පිළිකා රෝගී දෙදරු මවට ජීවිතය දෙමු

86

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය කරන දෙදරු මවක වන නයෝමි ප්‍රියංගිකා වික්‍රමසිංහ (39) මහත්මිය දරුණු පිළිකා රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය රැක ගැනීම සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට යොමු කළ යුතු බව මහරගම සහ නවලෝක රෝහල්වල විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වයස අවුරුදු තුනහමාරක දරුවකු සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවා රැකබලා ගැනීම සඳහා වාද්දුව ප්‍රදේශයේ පදිංචි මෙම මවගේ ජීවිතය බේරා ගත යුතු අතර, ඒ සඳහා ආයෝජන මණ්ඩල සේවකයන් හැකි අයුරින් ඇයට ආධාර කිරීමට ඉදිරිපත් වී ඇත.

ඇයගේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ 200 ක් පමණ වැයවන බව පැවසෙන අතර අපේක්ෂා රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ බුද්ධික සෝමවර්ධන මහතා ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ. පිළිකා රෝගී මෙම දෙදරු මව බේරාගැනීම සඳහා පානදුර සම්පත් බැංකුවේ 102652522076 ගිණුම් අංකයට ඔබගේ නොමසුරු ආධාර යොමු කරන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 0701724903 චතුර හෝ 0775564403 ඩිල්ෂාන් යන අය අමතා දැනගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment