සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට

123

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ සැප්තැම්බර් මස උද්ධමනය සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් අගෝස්තු මාසයේ පැවැති උද්ධමනය සියයට 70.2 ක් විය.

මේ අනුව පසුගිය අගෝස්තු මාසයේ 250.4 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් සැප්තැම්බර් මාසයේදී 256.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මස පැවැති සියයට 84.6 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 85.8 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ පැවැති සියයට 57.1 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 62.8 දක්වාද ඉහළ
ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment