සැබෑ නත්තල සමරමු

1086

ලොවට සාමයේ පණිවුඩය රුගෙන සියලූ මිනිස් වර්ගයා පාපක්‍ෂයෙන් මුදාගනු සඳහා මිනිස් වෙසින් ලොව පහළ වූ සාමයේ කුමරුවන් එනම් ජේසුස් බිලිඳුන්ගේ උපත සිහිකිරීම අද (25) දින ලොවපුරා සිදුකෙරේ. ජාති, ආගම්, වර්ණ, පක්‍ෂ, බාල, තරුණ, මහලූ වශයෙන් කිසිදු භේදයකින් තොරව මහත් උත්සවශ‍්‍රීයෙන් මෙලෙව ජීවත්ව සිටිය හෝ දැනට ජීවත්ව සිටින කිසියම් අයෙකුගේ උපන් දිනයක් ලොව බහුතර ජනතාවක් විසින් සමරනු ලබන්නේ නම් ඒ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපන් මංගල්‍යයයි.

සැබෑ නත්තල සමරමු

තවද ඒ සමයෙහි අධිරාජ්‍යයේ සියලූ වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජ්‍යයා විසින් නියෝගයක් නිකුත් කළේය. මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමුවැනි සංගණනයයි. සියල්ලෝ ලියාපදිංචි වනු සඳහා තම තමන්ගේ නුවරවලට ගියහ. ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම නම් දාවිත්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම දුන් ගැබ්ගෙන සිටි මරියතුමිය සමඟ ලියාපදිංචි වනු පිණිසය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ ප‍්‍රසව කාලය සම්පූර්ණ විය. ඈ කුළුඳුල් පුත‍්‍රයා බිහිකොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණු බැවින් ගව ඔරුවක තැබුවාය. (ශුද්ධ වූ ලූක්තුමාගේ සුවිශේෂය 2:1 – 7 දක්වා) (ශුද්ධ වූ මතෙව් සුවිශේෂය 1:18 – 25 දක්වා)ඒ පුවත් සුවිශේෂවල එලෙස දැක්වේ. ලෝකවාසී බිලියන 7.87ක (කෝටි වශයෙන් ගත්කල කෝටි 790 කි) ජනතාවගෙන් බිලියන 2.38 ක් (කෝටි 238 ක්) ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ විශ්වාසකරන, අනුගමනය කරන, අනුගමනය කිරීමට උත්සාය කරන ක‍්‍රිස්තු ලබ්ධිකයෝ වෙති. ලෝක ජනගහනයෙන් බිලියන 1.91ක් (කෝටි 191 කි) ඉස්ලාම් බැතිමත්හු වෙති. ලොව පුරා හින්දුන් බිලියන 1.16 ක් (කෝටි 116 ක්) ජීවත් වෙති. එලෙසම බෞද්ධ බැතිමත්හු මිලියන 506 ක් (කෝටි 50.6 ක්) බෞද්ධ දර්ශනය අනුගමනය කරති.

මෙලෙස ගත් කළ ලොව බහුතර පිරිසක් නත්තල සැමරීමට එක්වෙති. නත්තල, නත්තල් ගස, ගවලෙන, නත්තල් සීයා වැඩිහිටියන් අතර පමණක් නොව සියලූ භේදයන්ගෙන් තොරව බාල හා දරුවන් අතර ද මහත් වූ සතුටක්, ප‍්‍රීතියක් ළඟාකර දෙන සමීප සංකේත හා චරිතය. නත්තල් සමය කිතුනු ජනතා ජීවන ඇතුළාන්ත පරිවර්තයකට ඇරැුයුම් කරන සමයකි. කුමන ජීවන තත්ත්වයක් ගත කළ ද කුඩා පැල්පතේ සිට මහා මන්දිරයේ සිටින මිනිසුන් දක්වා තමන්ට දැරිය හැකි අයුරින් නත්තල් සමරති.

වසරකට වරක් උදාවන නත්තලේදී හැකි අයුරින් හුණු තීන්ත ටිකක් ආලේප කරති. දෙමාපියෝ තම දූ දරුවන්ට ඇඳුමක් පැළඳුමක් සූදානම් කරති. සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු සඳහා කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උපත සිහිකරන නත්තල සැබෑ පරිත්‍යාගශිලී සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලූ වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙස කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි. ඔබට ආහාර වැඩියෙන් තිබේ නම් එයින් කොටසක්

කුසගින්නේ සිටින අයටත්, ඔබට ඇඳුම් (වස්ත‍්‍ර) දෙකක් තිබේ නම් ඉන් එකක් ඇඳුමක් නැති අයකුට දෙන්න… යැයි ජේසුස් වහන්සේ අපට කියා ඇත. ‘‘මගෙ නත්තල දුගියා බත්කන දාය….’’ කියා මැග්සේසේ සම්මානලාභී ප‍්‍රකට ගීත රචක, සංගීතඥ සහ ප‍්‍රවීණ කලාකරු මර්සලින් ජයකොඩි (නි. ම. නි.) පියනම සඳහන් කළ ප‍්‍රකට කියමනකි. නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස්වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මික ලෙසින් අප තුළ යහපත් පරිවර්තනයක් සිදුවන්නේ නැතිනම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇත.

2020 මාර්තු මාසයේ සිට මුළු ලොව පුරා රටවල් 224 ක් කොවිඞ් – 19 වසංගතය නිසා ලොව මහා බලවන්තයන් ලෙසින් ක‍්‍රියා කළ ලොව බලවතුන් අපය….. යුද්ධ ශක්තියෙන්, තාක්‍ෂණයෙන්, විiාවෙන්, වෛi විiාවෙන්, පිරිස් බලයෙන්, තොරතුරු තාක්‍ෂණයෙන්, නව නිපැයුම් හා නව

සොයාගැනීම්වලින් අප ඉදිරියෙන් අප ලොව බලවන්තයන්ය…. අපව අභිභවා යෑමට කිසිවකුත් නැතැයි සිතූ රාජ්‍ය නායකයන්, රාජ්‍ය තාන්ත‍්‍රිකයන් හා රටවල් අප දෑසට නොපෙනෙන කිසිවකුටත් දිස් නොවන වෛරසයක් නිසා මුළු ලොවම අල්ලා පොළොවේ ගසා ඇත. ලොව පුරා (ශ‍්‍රී ලංකාව ඇතුළු) රටවල් විශාල සංඛ්‍යාවකගේ ආර්ථිකය බිඳවැටී ඇත. ලොවපුරා මිලියන පහක පමණ පිරිසකට සිය

රැුකියා අහිමි වී ඇත. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාවැටී ඇත. විභාග සියල්ල කල්දමන්නටත්, වෙහෙර විහාර දෙව්මැඳුරුවල ආගමික වතාවත්, පිංකම්, පෙරහැර ඇතුළු වත්පිළිවෙත්, ජනවන්දනා සියල්ල කණපිට පෙරළා දැමීය.

මේ ලිපිය ලියන මොහොත වනවිට (දෙසැම්බර් 22) ලොව පුරා කොවිඞ් 19 ආසාදිතයන් 276,553,270 ක (විසිහත්කෝටි හැටපන්ලක්‍ෂ පනස්තුන්දහස් දෙසිය හැත්තෑවක) පිරිසක් වාර්තා වී ඇති අතර 53,84,418 (පනස්තුන්ලක්‍ෂ අසූහතරදහස් හාරසිය දහඅටක) ක පිරිසක් මරණය වැළඳගෙන ඇත. දෙමාපියන්ට තම ආදර දරුවන් ද, දරුවන්ට තම දෙමාපියන් හෝ මව හෝ පියා හෝ අහිමි වී ඇත. තමන්ව ප‍්‍රිය කළ, තමන්ට ආදරය දැක්වූ ලෙන්ගතු වූ පිරිස් සොරුන් ගෙන ගිය අයුරින් ජීවිතයෙන්

සමුගෙනය. තවමත් ලොවපුරා 247,998,037 (විසිහතර කෝටි හැත්තෑනවලක්‍ෂ අනූඅටදහස් තිස්හතක) ක පිරිසක් කොවිඞ් 19 වසංගත තත්ත්වයට රෝහල් තුළ ප‍්‍රතිකාර ලබමින් සිට සුව වී සිටිති. එලෙසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා (පාස්කු ඉරුදින) කොළඹ කොච්චිකඬේ ශා. අන්තෝනි සිද්ධස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර, මඩකලපුව සියෝන් දෙව්මැඳුර ඇතුළු කොළඹ හා ඒ අවට හොටල්වල ද මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් විසින් පුපුරවන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මියගියවුන් හෝ ඔවුන්ගේ වින්දිතයන් සඳහා මෙතෙක් සාධාරණය ඉටු වී නොමැත. නිරායුධ මිනිසුන් මෙලෙස බියගුළු අන්දමින් මරාදැමුවාට මෙම පාපකර්මය සිදුකළවුවන් කවුද? යන්න තවමත් හෙළි වී නැත.

විශේෂයෙන් ශීී‍්‍ර ලංකාවාසීන්ට ජීවන බර දරන්නට බැරි වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ අධික මිල ඉහළ යෑමත්, හිඟවීමත් තුළ ජනතාව මහත් ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටිති. මෙවැනි අභියෝග රාශියක් තම කරමතට කඩාවැටුණු සමයක අපි නත්තල සමරමු.

ඉවක් බවක් නැති වර්ෂාව, කඳු නායයෑම්, ගංවතුර වැනි ස්වභාවික විපත් ද වගාහානි, පොහොර ප‍්‍රශ්න, අස්වනු අහිමිවීම් තුළ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම බඳු සිදුවීම් මාලාවකි. එහෙත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය, පරමාධිපත්‍ය බලය අතට ගෙන ජනතාව විසින් පත්කළ රාජ්‍ය නායකයෝ, ව්‍යවස්ථාදායකයේ (උත්තරීතර පාර්ලිමේන්තුවේ) නියෝජිතයන් තමන්ගේ සුරසැප, වරප‍්‍රසාද, සියල් භුක්ති විඳිමින් ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂය කියා වෙනසක් නොමැතිව ජනතාව ගොනාට අන්දවමින්, මාධ්‍ය සංදර්ශන පවත්වමින්, පොදු දේපළ, පරිසරය, භූමිය, වනය සිතූ සිතූ අයුරින් වෙන්දේසි කරමින් විජාතිකයන්ට විකුණමින් බදු දෙමින් තමන්ගේ මල්ල පුරවා ගනිති.

ලොව ප‍්‍රධානතම සිව්මහා ආගම්වලින් සමන්විත සිව්මහා ආගම් අදහන, විශ්වාසකරන, අනුගමනය කරන මිනිසුන් සිටින ‘ධර්මද්වීපය’ යන නමින් විරුදාවලිය ලද ශ‍්‍රීී ලංකා ධරණීතලයේ මිනිසුනි! ඔබ සිටින මෙම දේශය තුළ වංචාව, බොරුව, පාවාදීම, අනුන්ගේ දේ කඩාවඩා ගැනීම, අනුන්ගේ දියුණුවට වැට බැඳීම, වෛරය, පළිගැනීම, ළමා අපචාර, ස්ත‍්‍රී ¥ෂණ, පොදු දේපොළ, සොරා ගැනීම, දේශපාලකයන් පමණක් ම නොව ඔවුන් වටා සිටින ගෝල බාලයන් ද බහුලව සිදුකරති. ‘ධර්මද්වීපය – අධර්මද්වීපයක්’ බවට පත්වෙමින් පවතින්නේ අද ඊයේ සිට නොව, දැනට දශක කීපයක සිටය.

‘නත්තල’ යනු හුදෙක් කා – බී ප‍්‍රීති වී ප‍්‍රීති සාද පවත්වා, තෑගි භෝග හුවමාරු කරගන්නා, ඥාති හිතමිත‍්‍රාදීන්, පවුලේ උදවිය සමඟ එකට එක්වන සතුට – ප‍්‍රීතිය බෙදාගන්නා, විනෝද චාරිකාවක් යන අලූත් ඇඳුම් ආයිත්තමින් සැරසුනු, ගේදොර අලංකාර කර ගන්නා වූ, වර්ණවත් විදුලි බුබුළුවලින්, නත්තල් ගස්වලින් හා ගවලෙන නිර්මාණයෙන් නිවෙස සරසාලන උළෙලක් පමණක් නොව බාහිර ආටෝපයට අරුමෝසම්වලට වඩා ජීවිත පැවැත්ව තුළ සැබෑ වටිනාකම් ගොඩනැඟිය යුතු කාලයකි. හුදෙක් නත්තල් දිනට හෝ ඒ සතියේ දින කීපයකට පමණක් උත්සව ස්වරූපයක් ලබාදීමෙන් නත්තලේ සැබෑ අරුත මල්ඵල ගැන්විය නොහැක. ලොවට සාමයේ පණිවුඩය රැුගෙන ආ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ දෙසූ දහමට අනුව, දස පනතට අනුව ජීවිතය නිර්මාණය කරගන්නේ නැතිනම්, පවත්වාගෙන යන්නේ නැතිනම් වසරකට වරක් අප සමරන ‘නත්තල’ අර්ථාන්විත නත්තතලක් නොවනු ඇත.

ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සැබෑ සුබ නත්තලක් උදාවේවා!

ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment