සැම්සුන්ග් 2021 සඳහා නව මාදිලියේ ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය Wind-Free සහිත වායු සමීකරණ පෙළක් වෙළෙඳපොලට හඳුන්වා දෙයි.

95

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමයක් වන සැම්සුන්ග් 2021 වසර සඳහා නව මාදිලියේ වායු සමීකරණ පෙළක් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර මෙයට වැඩිදියුණු කළ ස්මාර්ට් පාලක හා PM 1.0 ෆිල්ටර්ස් සහිත වායු සමීකරණ සහ පහසුවෙන් මාරුකළ හැකි ෆිල්ටර්ස් සහිත ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුතු මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) වායු සමීකරණ පෙළක් ද අයත් වේ. මෙම නව වායු සමීකරණ පෙළ හඳුන්වා දී ඇත්තේ පිරිසිදු වාතය, බලශක්තිය පිරිමැසීම, පහසුව හා එක් එක් පාරිභෝගිකයාට ගැලපෙන සිසිල් කිරීමේ මාදිලි ආදී සෑම පවුලකම අවශ්‍යතා සපුරාලීම සඳහාය.
 
 ඔබගේ ජීවන රටාවේ අවශ්‍යතාවන්ට ගැලපෙන 2021 වසර සඳහා හඳුන්වා දෙන ලද මෙම නව නිෂ්පාදන පෙළ දැන් Softlogic, Singer, Singhagiri, Damro හා සැම්සුන්ග් e-Store වෙතින් ලබා ගත හැකිය. ඩිජිටල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය සඳහා සැම්සුන්ග් වෙතින් වසර 10ක වගකීමේ සහතිකය සමඟ මෙම ඉන්වර්ටර් වායු සමීකරණ පෙළ වෙළෙඳපොළට නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment