සැමියාගෙන් යකඩ පොලු පහර කෑ බිරිඳ මරුට

182

බිරිඳ හා සැමියා අතර ඇතිවූ අරාවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුවී ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.

මෙම පහර දීමෙන් මියගොස් ඇත්තේ රඹුක්කන පත්තම්පිටිය හේනේපොළ පදිංචිව සිටි දේවතා පේඩිගේ ආරියසිංහ පත්මා නම් 62 හැවිරිදි කාන්තාවකි.

2202. 03. 12 වන දින රාති‍්‍ර 8.25 පමණ ඉහත සඳහන් සැකකරු වන පහළගේ ජයවීර සරත්චන්ද්‍ර ගුණරත්න (65) නමැති අය නිවසට ගොස් තම බිරිඳට රාත‍්‍රි 08.30ට පමණ යකඩ පොල්ලකින් පහර දුන් බවත් ඇය දැනට නිවසේ සිහි නැති සිටින බවත් සඳහන් කරමින් පහර දීම සම්බන්ධයෙන් තමා භාරවීමට පැමිණි බව සඳහන් කර ඇත. ඉන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මරණකාරිය වන දේවතා පේඩිගේ ආරියසිංහ පත්මා නමැත්තිය නිවසේ වැඩි කාලයක් තනිවම ජීවත් වී ඇති අතර ඇයගේ සැමියා වන සැකකරු ඔහුගේ දුව පදිංචි නුවර ප‍්‍රදේශයට ගොස් සිට ඇති අතර පසුගිය 11 වැනිදා මාවනැල්ල අධිකරණයේ තිබු ඉඩම් නඩුවක් සම්බන්ධයෙනි.

මරණකාරිය නිතර නිතර සැකකරු සමග රණ්ඩු වන හෙයින් මෙය ඉවසා දරා ගැනීමට නොහැකි වු තැන මෙසේ යකඩ පොල්ලකින් පහර දී ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සැකකාරියගේ දියණිය ප‍්‍රකාශ කළේ මව සහ පියා නිතර නිතර රණ්ඩු කරන බැවින් පියා තම නිවසේ තබා ගෙන සිටි බවය. පියා නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අපරාධය සිදු කර ඇති බවත් මේ බව තමාට ඔහු දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවද පැවසීය.

රඹුක්කන පොලිසිය විසින් විමර්ශන සිදු කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කටයුතු කරන බවත් මෘත ශරිරය නිවසේම ආරක්ෂා සහිතව තබා ඇති බවත් පොලිසිය පැවසීය. සැකකරු 13 වන දින මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment