සැමියාගේ අනියම් බිරිඳට පහරදුන් කාන්තාවන් දෙදෙනාට ඇප

154

සැමියා සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යනවා යැයි පවසා මිනුවන්ගොඩ නගරයේ ඔරලෝසු කණුව අසල දෙනෝදාහක් බලා සිටියදී කාන්තාවකට පහර දුන් කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියන් දෙදෙනා රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපමත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

පහර කෑමට ලක්වූ කාන්තාවගේ අනියම් සැමියාගේ බිරිඳ වු උඩුගම්පොළ, මල්කෝන පදිංචි සැකකාරිය සහ බලබෝව ප්‍රදේශයේ පදිංචිකාරියක්ව මෙසේ ඇප මත මුදා හැරිණි. පහර කෑමට ලක්වූ කාන්තාව අවශ්‍යතාවක් සඳහා මිනුවන්ගොඩ

නගරයට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණ ඇති සැකකාරියන් දෙදෙනා ඇයට බිම පෙරළාගෙන පහර දී ඇති බව අධිකරණයේදී සඳහන් විය. පහරකෑමට ලක්වූ කාන්තාව රෝහල්ගත වී නැති බවට ද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.

සැකකාරියන් දෙදෙනා ට තරයේ අවවාද කළ අධිකරණය මෙසේ ඇප මත මුදා හළ අතර නැවත ජනවාරි මස 25 වෙනිදාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කළාය. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සුදත් නන්දසිරි (38098) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment