සැමියාගේ ඝාතනයට සැක – ග‍්‍රාම නිලධාරිනිය සහ බුද්ධි අංශ කෝප‍්‍රල් දැලේ – විමර්ශනවලට යුද හමුදා පොලිසියේ සහාය

208

කොළඹ නගරයේ පිහිටි හමුදා කඳවුරක සෙබළුන් පිරිසක් සම්බන්ධ කරගෙන සිය සැමියා අබිරහස් ලෙස ඝාතනය කර කැලණි ග`ගට දැමූ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනියක සහ යුද හමුදා බුද්ධි අංශ කෝප‍්‍රල්වරයකු කොළඹ උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අබිරහස් ඝාතනයට එම කඳවුරේ උසස් නිලධාරියකු ඇතුළු සෙබළුන් හත්දෙනකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර ඝාතනයට ලක්වූ ග‍්‍රාම නිලධාරිනියගේ සැමියාගේ යතුරුපැදිය කොටස්වලට කපා කැලණි ගෙ`ග් ගිල්ලවා තිබියදී එහි කොටස් කීපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

ග‍්‍රාම නිලධාරිනිය මෙම ඝාතනයට සම්බන්ධ කෝප‍්‍රල්වරයා සම`ග කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයක් මෙම සිද්ධියට මුල්වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින ග‍්‍රාම නිලධාරිනිය සහ කෝප‍්‍රල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැුඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංවිධානාත්මක පිරිසක් විසින් ග‍්‍රාම නිලධාරිනියගේ සැමියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ දෑත් දෙපා ගැටගසා කැලණි ග`ගට සිරුර විසිකර තිබිණි.

පසුව එම සිරුර කාකදූපතට ගොඩගසා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මෙම ඝාතනයේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ උතුර විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති නලීන් ප‍්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් එහි සුලමුල අනාවරණය කරගෙන තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකගෙන් මේ වන විට පොලිසිය ප‍්‍රකාශ ලබා ගනිමින් සිටී.

මෙම සිද්ධිය සම්බන්ධව හමුදා මූලස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මට්ටක්කුලිය පොලිස් බල ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරනු ලබන පොලිස් පරීක්‍ෂණ සඳහා සහාය දක්වමින් යුද්ධ හමුදා සාමාජිකයකු ඊට සම්බන්ධවී ඇද්ද යන්න විමර්ශන කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත පසුගිය දින කිහිපය තුළ දී ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකාය මගින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන ලදී.

එසේ සිදු කරනු ලැබූ විමර්ශනවලට අනුව මට්ටක්කුලිය යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන කෝප‍්‍රල්වරයකු තවත් පුද්ගලයන් සමග එක්ව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් මෙම කෝප‍්‍රල්වරයා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අය සමග සබඳතාවක් පවත්වා ඇති බවට සැක කරන බවත් මූලික පරීක්‍ෂණ වාර්තාවලින් මේ වන විට තහවුරු කරගෙන තිබේ. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පළකරන පුද්ගලයන් මේ වන විට ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසිය වෙත භාරදී ඇත.

මෙම ක‍්‍රියාවට යම්කිසි යුද්ධ හමුදා සාමාජිකයකු වැරදිකරුවකු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපතිතුමන් අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් ලබාදී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment