සැමියාගේ දරු පැටියා දැක ලතාගේ හිත කඩා වැටිලා

1196

පේ‍්‍රමතිලක කැබිතිගොල්ලෑවට කිට්ටු ප‍්‍රදේශයක පදිංචිකරුවෙකි. කලක් යුදහමුදා සෙබළෙකු ලෙස උතුරු නැගෙනහිර සටන් වැදුන සෙබළා වසර දොළහකට පසු හමුදා ජීවිතයට ආයුබෝවන් කීවේ නිදහසේ ජීවත්වීමේ අරමුණිනි.

මොහුගේ අතගත් ලතා පේ‍්‍රමතිලකට අයත් නිවසක ජීවත් වුවත් දෙදෙනා විවාහ වූ දින සිට එක වහලයක් යට සිටියේ හාවා හඳ දකින ආකාරයටයි.

පේ‍්‍රමතිලක ආවත් නාවත් ලතාට වගේ වගක් නැත. මගේ පවුල් ජීවිතය මෙලෝ රහක් නැතැයි ඇය කිහිප දෙනෙකුට කීවේ හේතු ඇතුවය.

මේ අතර පේ‍්‍රමතිලකට කොළඹ ප‍්‍රදේශයේ සිකුයුරිටි රැකියාවක් ලැබිණි. මාස ගණනකට පසු කැබිතිගොල්ලෑවේ නිවසට යන ඔහු ගම්මු දකින්නේද යලට මහටය.

මේ අතර ඊයේ පෙරේදා දිනක කොළඹ මහරගම සිට තරුණියක කැබිතිගොල්ලෑවට ආවේ පේ‍්‍රමතිලකගේ නිවස සොයා ගෙනය.

පේ‍්‍රමතිලකගේ ගෙදරද? ඔයා කවුද නිවසේ සිටි පේ‍්‍රමතිලකගේ බිරිඳ ඇහුවේ සිතට නැගුන බලවත් සැකය නිසාය.

මේ දරුවා එයාගෙ අක්කෙ. එයා නැවතිලා උන්නෙ අපේ දිහා. මම එයා ගැන ඔක්කොම දන්නවා අක්කෙ. මට දරුවත් එක්ක යන්න එන්න තැනක් නෑ. ලතාගේ හිත කඩා වැටිණි.

නංගියේ අපිටත් දරුවො නෑනේ ඔයා මේ ගෙදර නවතින්න ලතා කිරිකැටි බිළිඳා දෝතට ගත්තේ ආශාවෙනි. ඒ දෙස බලා සිටි තරුණ මවගේ නෙතිත් කඳුළු බිඳු කඩා හැලිණි.

අක්කේ ඔයා බුදුවෙන්න ඕනේ. ඒ තරුණ මව දණ ගසා වැන්දේ ජීවිතය යළි ලැබුණ නිසාය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment