සැමියාගේ පොලූ පහරින් බිරිඳ මරුට නැන්දම්මාට බරපතළයි

639

දරුවත් රැගෙන පලාගිය සැමියා අල්ලන්න පොලිස් පරීක්‍ෂණ

තම සැමියාගේ පහරකෑමට ලක්වූ බිරිඳ එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති අතර සැකකාර සැමියා තම දරුවාද රැුගෙන පලාගොස් ඇතැයි මාලිම්බඩ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාලිම්බඩ උතුර පදිංචි ඇඟලූම් කම්හලක සේවයේ නියුතුව සිටි එක්දරු මවක වන 33 හැවිරිදි හර්ෂා නිශානි කළුආරච්චි නමැත්තියයි.

මොරවක ප‍්‍රදේශයේ පුද්ගලයකු වන 37 හැවිරිදි සැකකාර සැමියා 09 වෙනි දින රාත‍්‍රි සිය බිරිඳ සහ නැන්දම්මා සමග බහින්බස්වීමක් ඇතිවී එය දුරදිග යෑමෙන් මොහු බිරිඳට සහ නැන්දම්මාට පොල්ලකින් පහර දී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත.

මියගොස් ඇති කාන්තාවගේ සැකකාර සැමියා මෙම සිද්ධියෙන් අනතුරුව අවුරුදු 02 ක් වයසැති තම දරුවාද රැුගෙන නිවසින් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පහරකෑමෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති මියගිය බිරිඳගේ මව රෝහල්ගත කර ඇත. සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට යොදවා ඇත.

මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සී. අලවත්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා ප‍්‍රමුඛ උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් සැරයන්වරුන් වන (24666* සොයිසා, (55927* ඉන්දික යන නිලධාරීහු ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවති. මාතර අපරාධ කොට්ඨාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරයි.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment