සැමියාට පිහියෙන් ඇන බිරිඳ පැහැරගෙන

891

තේ ඉඩමක සේවය සඳහා පැමිණ සිටි පුද්ගලයකුට පිහියෙන් ඇන ඔහුගේ බිරිඳ පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉත්තෑපාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

අලුත්වෙල, අංගන්කන්දේ පදිංචි දෙනිපිටිය සට්ටම්බි ආරච්චිගේ තිලක්චන්ද්‍ර (අවු 48) යන අය මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඔහු ඉත්තාපාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. මෙය සිදුව ඇත්තේ මෙම යුවළ තේ ඉඩමේ වැඩ කරමින් සිටියදීය.

ඉත්තාපාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. ඩී. එස්. ටී. මාවතගේ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment