සැමියාත් එක්ක තරහා වෙලා බිරිඳ ගෙට ගිනි තියලා

459

හිඟුරක්ගොඩ, පාලුවැව, උල්පත්වැව ප්‍රදේශයේ කාන්තාවක තම ස්වාමිපුරුෂයා සමග ඇතිවූ අමනාපයක් හේතුවෙන් 25 වැනිදා තමන්ගේ ම නිවසට ගිනි තබා ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. නිවසේ තිබූ රෙදිපිළි ආදිය කාමරයකට දමා ගිනි තැබීම නිසා නිවස ගිනි ගෙන ඇත. ගින්න නිසා නිවසේ තිබූ මහන මැෂිමක් සහ ගෘහභාණ්ඩ විනාශ වී තිබේ. හිඟුරක්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment