සැමියා රට ගිය අතරේ පැවැත්වූ අනියම් ඇසුරින් උපන් කිරිකැටියා මරා පුළුස්සා කැළෑවට දමලා… සිද්ධිය හොර රහසේම බලා සිටි නැන්දම්මා මිදුලට පැන බෙරිහන් දෙමින් මුළු ගමම ගෙන්වා ගනී

546

ස්වාමියා විදේශ ගතව සිටියදී අනියම් ඇසුරකින් තමන්ට ලැබුණු කිරිකැටියා උපන් මොහොතේම මරා පුළුස්සා ළඳු කැළෑවකට විසි කල මවක් පෙරේදා (12* කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට  ගැනීමට සමත්විය.
 
 කන්තලේ පේරාරු යුනිට් 1 ජනපදයේ පදිංචි 35 හැවිරිදි මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියාගෙන් ලද දරුවන් තිදෙනෙකුද සිටින අතර සැමියා රට ගොස් මේ වනවිට වසර 4 ක් ගතවී ඇත. මේ අතරතුර එම ගමේ පදිංචි පුද්ගලයෙකු සමග ඇතිවූ අනියම් ඇසුරකින් මෙම දරු ගැබ හටගෙන ඇත.
 
 ඇය සිද්ධිය තම නැන්දම්මාට, ගමට, පවුල් සෞඛ්‍ය සේවිකාවටද නොදන්වා ඇත්තේ එයින් ඇතිවිය හැකි පවුලේ අර්බූදය කුමක්දැයි හොඳ හැටි දන්නා නිසා බව ඇය පරීක්ෂණවලදී ප‍්‍රකාශ කොට ඇත.
 
 කෙසේ නමුත් පෙරේදා නිවසේ කාමරයක කාටත් හොරා දරුවා ප‍්‍රසූත කොට ඇත. අනතුරුව දරුවා මෙලොව එළිය දකින්නටත් පෙර දරුවා නිවස තුළ රෙදිකඩක ඔතා මරා පුළුස්සා තම වත්තේ කැලෑ පෙදෙසකට විසි කොට ඇත. ඇය ප‍්‍රසූත කර ඇත්තේ බිළිඳියකි.
 
 කෙසේ නමුත් තම නැන්දම්මාගෙන් සිද්ධිය වසන් කිරීමට ගත් තැත වැරදුන බව දැනගත් කාන්තාව යළි එම විසි කළ මිනිය ගෙන අල්ලපු ඉඩමේ ලන්දකට විසිකර දමා ඇත. සිද්ධිය හොර රහසේම බලා සිටි නැන්දම්මා මිදුලට පැන බෙරිහන් දෙමින් මුළු ගමම එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර වහා පොලිසිය දැනුවත් කර ඇත.
 
 ඒඅනුව මෙම ස්ථානයට පැමිණි කන්තලේ පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් විසිකර දමා තිබූ බිළිඳු සිරුර සොයා ගත් අතර අදාළ කාන්තාවද අත්අඩංගුවට
 
 ගැනීමට කටයුතු කළේ ය. පසුව එම ස්ථානයට කන්තලේ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදී. කාන්තාවගේ අනියම් පුරුෂයාද හඳුනාගෙන ඇති අතර ඔහුවද අත්අඩංගුවට
 
 ගැනීමට නියමිතය. අත්අඩංගුවට පත්වූ කාන්තාව මේවනවිට පොලිස් ආරක්ෂාව යටතේ කන්තලේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
 
 කන්තලේ කොට්ඨාශ භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විජේසේකර මහතාගේ නියෝග මත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති එම්. තාහීර් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

advertistmentadvertistment
advertistmentadvertistment