සැලියුට් එක වැරැදී තරුණයන්ගෙන් ගුටි කෑ රුමේෂ් නිදි යහනේදීම මරුට

2090

සැලියුට් ආචාරයක් නිසා තරුණ ජීවිතයකට වන්දි ගෙවීමට සිදුවීමේ අවාසනාවන්ත පුවතක් කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයේ හෙරිලියාවල අංක 817” ග‍්‍රාම නිලධාරී වසමේ බෝගහවත්ත ග‍්‍රාමයෙන් වාර්තා වේ.

පසුගිය 13 දා සවස හතට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසුදින (14 දා) අලූයම නිදි ඇඳේදීම මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හෙරළියාවල බෝගහවත්ත ග‍්‍රාමයේ පදිංචි රුමේෂ් රංගන (36) නමැති අවිවාහකයෙකි. තම හිතවතුන් දුටුවිට දුරතියාම අතින් සැලියුට් කිරීම පුරුද්දක් කරගෙන සිටි රුමේෂ් රංගන නමැති අය” පසුගියදා සිය මිතුරෙකු සමග කුරුණෑගල නගරයේ සිට සවස් යාමයේ පාගමනින් නිවසට එමින් සිටි මොහොතේ මඟදී යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකුට සැලියුට් කිරීමේදී උරණ වූ යතුරුපැදිය ධාවනය කළ අය රුමේෂ්ට දිගින් දිගටම පහරදී ඇත. පහරදීම වළක්වාලීම සඳහා එම ස්ථානයේ සිටි කීපදෙනකු රුමේෂ් අසල නිවසක කාමරයක දමා ආරක්ෂා කළත් පහරදුන් අය එම ස්ථානයටද පැමිණ නැවතත් පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

නිවසට පැමිණි රුමේෂ් තමන්ගේ ඇඟ රිදෙන බව පවසා නිදාගත් බවත්” පසුදින මව ඔහුගේ

කාමරයට ගිය විට ඇඳේ වැතිර සිටි අයුරු දැක 1990 ට දැණුම්දී ගිලන් රථය පැමිණියත්” මියගිය පුද්ගලයකු නිසා රෝහල්ගත කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. මොටවූ ආයුධයකින් උදරයට පහරදීමක් සිදුවී ඇති බවත් මරණකරුගේ එක් වකුගඩුවකට බරපතළ හානි සිදුවී වීම නිසා මරණය සිදුවී ඇති බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඉදිරියට පැවැත්වේ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment