සැසිවාරය අතරතුර ශ‍්‍රී ලංකා සහ ඉන්දීය විදේශ ඇමැතිවරුන් අතර හමුවක්

58

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමුවී කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව දැනුවත් කළේය.

 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කවුන්සිලය වැනි ස්වාධීන ආයතන බලගැන්වීම වැනි ප‍්‍රධාන කරුණු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සහයෝගයෙන් කටයුතු කරන බව උපුටා දක්වමින්, 2009 මැයි මාසයේ දී ගැටුම අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති ගැටලූ විසඳීම සඳහා රජය ගත් ප‍්‍රායෝගික හා ස්පෘෂ්‍ය ක‍්‍රියාමාර්ගය පිළිබඳවද අමාත්‍ය පීරිස් මහතා තවදුරටත් විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්‍ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යෑම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

 ජනවාර්ගික ගැටලූවලින් පසු ඇතිවන අවශේෂ ගැටලූ පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සඳහා වූ අවශ්‍යතාව, දෙරටේම යහපත සඳහා බව අමාත්‍ය ජයිශංකර් මහතා පැවසීය. දෙරටේ සබඳතා එක් ගැටලූවක් සඳහා පමණක් සීමා නොවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment