සෑම් කරන්ට විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි

179

එංගලන්ත වේග පන්දු යවන කී‍්‍රඩක සෑම් කරන් හට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අහිමි වීමේ අවස්ථාවක් නිර්මාණය වී තිබේ. කි‍්‍රයාත්මක ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී සිදු වූ ආබධයක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබේ.

 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී සෑම් කරන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කී‍්‍රඩා කළ අතර පසුගියදා පැවැති තරගයක් අතර තුර ඔහුගේ කොන්දේ ආබාධ තත්ත්වයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. එ් අනුව සෑම් කරන් තරගාවලියෙන් ඉවත්කර මව්රටට ගෙන්වා ගැනීමෙන් අනතුරව වහාම වෛද්‍ය පරීක්ෂණ යටතට පත්කිරීමට කටයුතු කරන බවත් එංගලන්ත කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටී.

 කෙසේ වෙතත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී සෑම් කරන් වෙනුවට ටොම් කරන් කණඩායමට කැඳවීමට එංගලන්ත කි‍්‍රකට් ආයතනය මේ වනවිට කි‍්‍රයාකර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. බෙන් ස්ටොක්ස් සහ ජොෆ්රා ආචර්ටද මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති අතර මේ අනුව ටොම් කරන්ගේ ආබාධ තත්ත්වයද එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් බවට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment