සෑම් කරන් එංගලන්තය දිනවයි

207

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙවර සුපිරි වටය යටතේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ම කඩුලු 5ක පරාජයකට මුහුණ දුන්නේය.

ඔස්ටේ්‍රලියාවේ පර්ත්හි පෙරේදා (22 වෙනිදා) සවස පැවති එම තරගයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 10කට බිඳ දැමීමට සෑම් කරන් සමත්වූ අතර එම දක්ෂතාව හේතුවෙන් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 112 කට සීමා විය.

එම ඉලක්කය පහසුවෙන් හඹා ගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 18 යි එක් පන්දුවක් තුළදී කඩුලු 5ක් දැවී තරගය ජයග්‍රහණය කළහ.

සෑම් කරන්ට අනගි සහයක් ලබා දුන් බෙන් ස්ටෝක්ස් සහ මාක් වුඩ්ද කඩුලු 2 බැගින් දවා ගත්හ. ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඊබ්‍රාහිම් සර්ධාන් ලකුණු 32 ක් ලබා ගත් අතර එංගලන්තය වෙනුවෙන් ලියාම් ලිවින්ස්ටෝන්ග් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තේය. තරගයේ වීරයා සම්මානය සෑම් කරන් ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment