සෑම පැයකටම කොරෝනා මරණ 3 ක්

302

පවතින වසංගත තත්ත්වය හමුවේ ගෙවී යන සෑම පැයකටම කොරෝනා ආසාදිතයන් තිදෙනකු මරණයට පත්වන තත්ත්වයක් මේ වන විට රටේ නිර්මාණය වී ඇතැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය. 04 – පිටුවට

එසේම මේ වන විට වාර්තා වෙමින් තිබෙන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාව නොවන බව ද පෙන්වා දෙන ඒ මහතා වාර්තා වන ප‍්‍රමාණය මෙන් දෙතුන් ගුණයක පිරිසක් සිටිය හැකි බව ද සඳහන් කරයි.

රජය ක‍්‍රියාත්මක කර ඇති එන්නත්කරණ තුළින් යම් පුද්ගලයකුට රැුකවරණයක් ලැබීමට නම් කලක් ගතවන බවද පෙන්වා දෙන ඒ මහතා මේ නිසා අප පරාජයට පත් වී වෛරසය ජයග‍්‍රහණය කරන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව ද පැවසීය.

මේ අතර මෙරට මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ අනුව චීනයේ සිදු වූවාටත් වඩා මරණ ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ සිදුව තිබෙන බව මේ වෙන විට තහවුරු වී ඇත.

කොරෝනා වසංගතය හමුවේ චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 4636 ක් වෙද්දී ශ‍්‍රී ලංකාව තුළ දැනට කොරෝනා ආසාදිතව සිදු වූ පුද්ගල මරණ 4727 ක් වාර්තා වී තිබේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය අඛණ්ඩව දින හතක් තිස්සේ 2000 ඉක්මවා යෑමත් සමඟ මේ වෙන විට සෞඛ්‍ය අංශ ද විශාල අර්බුදයකට මුහුණ දී සිටිති.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු ප‍්‍රධාන පෙළේ රෝහල් රැුසක දැඩි තදබදයක් ඇති වී තිබෙන අතර ඇතැම් රෝහල් හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත.

මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන රෝහල්වල මෙවැනි හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් සුනාමි ව්‍යසනයට පසුවය.

කොරෝනා වෛරසය මේ වෙන විට පාලනයකින් තොරව රට පුරා පැතිර යන බව පෙනෙන්නට තිබීම සහ ඉහළ සංකූලතා පෙන්නන රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

මේ අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා හා ජෛව ෙසෙල විද්‍යායතනයේ ප‍්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිරෙමින් තිබීම එයට හේතුව බව ය.

පවතින වසංගතය තුළ මෙරට දිස්ත‍්‍රික් හයක ධාරිතාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත‍්‍රික්කවලින් මෙසේ ඉහළ ආසාදිතයන් ප‍්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙන බව ද කියා සිටින එම සංගමය මේ වෙන විට මුළු රටම පවතින්නේ ඉතා භයානක තැනක බව ද පවසයි.

සමන් ගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment