සෑම පුරාවිද්‍යා බෞද්ධ සිද්ධස්ථායකම භික්‍ෂුවක් නතර කළ යුතුයි – ගම්මන්පිල සාක්‍ෂි දෙයි

115

සෑම පුරාවිද්‍යා බෞද්ධ සිද්ධස්ථානයකම භික්‍ෂූන් වහන්සේ නමක් නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය 22 වන දා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ මහජන කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය.

එම කොමිෂන් සභාව ජාතික උරුමයන් අරක්‍ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්කර ඇති අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

භික්‍ෂුන්වහන්සේලා පුරාවිද්‍යා ස්ථානවලට යෑම පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතුවලට බාධාවක් විදියටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සලකන්නේ. මෙම බෞද්ධ සිද්ධස්ථාන කියන්නේ අතීතයේ දී පන්සල් ලෙස පැවති ස්ථාන. එම නිසා නීතිරීති පැනවීමට වඩා තිබෙන හොඳම ක්‍රමය තමයි එම ස්ථානවල භික්‍ෂුන්වහන්සේ තමන් නතර කිරීම. අපි වසර 2600ක පමණ කාලයක් පුරා අනුගමනය කර තිබෙන ක්‍රමය එක බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ භික්‍ෂුන්වහන්සේ නමක් යනු සිය ජීවිතයම ශාසනය වෙනුවෙන් පූර්ණ කාලීනව කැපකළ අයෙකු වන බවයි.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment