සිංගප්පූරුව මානසික දුබලතාවයක් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුව එල්ලයි

528

මානසික දුබලතාවයකින් පෙළුණු මැලේසියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුව ඔහුගේ එම රෝග තත්ත්වය නොසළකමින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව විසින් පියවර ගෙන තිබේ. වසර 2010 දී හෙරොයින් මේස හැඳි තුනක පමණ ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට පත් නාගේන්ත්රන් ධර්මලිංගම් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 2010 වසරේ සිටම මරණ දඬුවම නියම වී සිටි අයෙකි.

වෛද්‍ය විශේෂඥයන්ට අනුව ඔහු මානසික දුබලතාවයකින් පෙළෙන අයෙකි. කෙසේ වුවද සිංගප්පූරු රජය පවසා ඇත්තේ මරණ දඬුවමට ලක් වූ මැලේසියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තමා සිදු කරන සෑම ක්‍රියාවක් ගැනම පැහැදිලි අවබෝධයකින් පසු වූ බවයි. පෙරේදා (27 දා) මරණ දඬුවමට ලක් වූ ධර්මලිංගම් ගේ මව මෙන්ම තවත් දහස් ගණනක ජනකායක් පෙත්සමක් හරහා චූදිතයාට මරණ දඬුවම ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියද සිංගප්පූරු රජය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment