සිංගප්පූරු ඉන්ධන  නැවට ඩොලර් 216,000ක් ප‍්‍රමාද ගාස්තු ගෙවන්න වෙයි

227

සිංගප්පූරු සමාගමකින් ඇණවුම් කර මේ වන විට ශී‍්‍ර ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන ඞීසල් මෙටි‍්‍රක් ටොන් තිස්හත්දහස් පන්සියයක් අඩංගු නෞකාවට ප‍්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් දෙලක්‍ෂ දහසය දහසක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි ගණන් බලා තිබේ.

හදිසි මිලදීගැනීම් යටතේ මෙම ඉන්ධන නෞකා ඇණවුම් කළත් ඊට ගෙවිය යුතු ඩොලර් මිලියන 42ක මුදලක් ගෙවාගත නොහැකිවීම නිසා එම නෞකා දින පහකට ආසන්න කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබිණි.

පසුව එම නෞකාව ජාත්‍යන්තර මුහුදට ගොස් ඇත. පසුව ඩෝරා යාත‍්‍රාවක් යවා එම නෞකාවේ අඩංගු ඉන්ධනවල සාම්පල් ගෙන රසායනාගාර වෙත යවා තිබේ. මේ වන විට ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට පෙට‍්‍රල් හා ඞීසල් ගෙන්වාගන්නා මුත් මෙකී සිංගප්පූරු සමාගමට අයත් නෞකාව නිරපරාදේ ජාත්‍යන්තර මුහුදේ තබාගෙන සිටීම නිසා ගෙවිය යුතු ප‍්‍රමාද ගාස්තු වැඩිවන බවද සංස්ථා නිලධාරීහු පවසති. පමාවන එක් දිනකට පමණක් ඩොලර් 18000ක් නෞකාව වෙත ගෙවිය යුතුය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment