සිංගපූරුවට ඉන්දියාවෙන් ප‍්‍රතිචාර

628


නිදහස් ඉන්දියාවක් ගොඩනැගූ ජවහර්ලාල් නේරු වැනි දේශපාලඥයින්ගේ අරමුණුවලින් ඈත්ව වත්මන් ඉන්දීය දේශපාලඥයින් අපරාධකරුවන් බවට පත්ව ඇති බවට සිංගපූරු අගමැති ලී ලෝන්ග් මහතා කළ ප‍්‍රකාශය ගැන කනගාටුවන බව ඉන්දීය රජය පවසයි.මේ සම්බන්ධව එරට ඉන්දීය මහකොමසාරිස්වරයා මගින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සිංගපූරු රජය වෙත පැහැදිලි කිරීමක් යවා ඇත.ඉන්දීය වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයින්ගෙන් බහුතරයක් ස්ත‍්‍රී දූෂකයින් හොරු,මංකොල්ලකරුවන් ,අපරාධකරුවන් ලෙස සිංගපූරු අගමැතිවරයා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී පසුගියදා පවසා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment