සිංගර් මෙගා 24 වන සංවත්සරයට විශේෂ දීමනා

123

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වැනි දිනට යෙදී තිබුණ අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලූම සිංගර් මෙගා ප‍්‍රදර්ශනාගාරයන්හි 2022 ජනවාරි 21 සිට 27 දක්වා විශේෂ සංවත්සර දීමනා රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා තිබිණි.

1998 දී ආරම්භ කල පළමු ප‍්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ ගෘහභාණ්ඩ එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව,වාහන නැවැත්වීමේ ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් සහ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් සහිත වෙළද ජාලයක් ලෙස හදුනා ගත හැකිය.

සිංගර් මෙගා හි අලෙවි අධ්‍යක්ෂ වජිර තෙන්නකෝන් මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සිය අදහස් දක්වමින් පවසා සිටියේ ”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික සිල්ලර වෙළෙඳ අලෙවි ජාලයක් ලෙස වසර 24ක් ලද දියුණුව අප සමරන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඒ වෙනුවෙන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට විශේෂ දීමනා සහ ක‍්‍රියාකාරකම් රැසක් අත්විදීමට හැකියාව ලබා දී ඇති අතර ඔවුන් හට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක භාවය තව තවත් වැඩි දියුණු කිරීමට ඇප කැප වී සිටියි. සිංගර් මෙගා ප‍්‍රදර්ශනාගාර මනා දැක්මක් සහිතව නවතම පෙනුමකින්

පාරිභෝගික ජනතාව වෙත මෙතෙක් අත් නොවිඳි තෘප්තිමත් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දේ. ZTE” TCL” DAHUA සහ DELL වැනි තාක්ෂණික සන්නාම රැසක් සමග සිංගර් සමාගම ගිවිසුම් ගැනීම තුලින් පාරිභෝගික ජනතාවට වඩා ඉහළ තෝරාගැනීමක් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment