සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි

76

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී.

ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර් සමඟ එක්ව විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, නො. 120, ගාලු පාර, කොළඹ 04 ලිපිනයෙහි පිහිටා ඇත. උසස් තත්වයේ ආරක්ෂණ, නිරීක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම් සොයන පාරිභෝගිකයින් වෙතට, පුළුල් පරාසයක විසඳුම් රැසක් මෙම ප්‍රදර්ශනාගාරය තුළින් මිලදී ගත හැකිවේ. විශේෂයෙන්ම, නිවාස ආශ්‍රිත ආරක්ෂණ විසඳුම්, ්ෂ විසඳුම්, වයර්ලස් කැමරා විසඳුම් සහ වීඩියෝ වෝල් ඇතුලු විවිධ ආකාරයේ ආරක්ෂණ විසඳුම් එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවීම මෙම ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂීත්වය වේ. තවද, දක්ෂ සහ පළපුරුදු සේවා කණ්ඩායම් හරහා සියලුම පාරිභෝගිකයින්ට අවශ්‍ය නිෂ්පාදන දැනුම, තාක්ෂණික සහය සහ අවශ්‍යතාව සඳහා ගැළපෙනම නිෂ්පාදන තෝරා ගැනීම සඳහා විශාල සහයෝගයක්ද හිමිවේ.

නවතම Dahua Concept Store දියත් කිරීම පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසා සිටියි. ”අපගේ ව්‍යාපාරික සහකරු වන Real Vision Pvt (Ltd) හා එක්ව, දේශීය පාරිභෝගිකයා වෙනුවෙන් නවතම ආරක්ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරමින් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට හැකිවීම අපට ඉතා සතුටක්. පාරිභෝගිකයා වෙනුවෙන්ම කැපවූ සේවා මණ්ඩලයක් සමඟින් විවෘත වූ මෙම ප්‍රදර්ශනාගාරය හරහා ඉහළම තත්වයේ සේවාවක් සැපයීමට සියලු දේ සූදානම්.

advertistmentadvertistment
advertistmentadvertistment