සිංගර් විසින් ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන HONOR නිෂ්පාදනය මෙරටට හඳුන්වා දෙයි

121

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීන් නව HONOR නිෂ්පාදන හඳුන්වාදුන් අයුරු.

ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි.
Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ බලය ලත් එකම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් තත්ත්වයේ ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංග තරඟකාරී මිල ගණන්වලින් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට සිංගර් සමාගම කටයුතු කරයි.

අපගේ පාරිභෝගික ජනතාවට Honor සන්නාමය හඳුන්වා දීමට ලැබීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසීය. දැරිය හැකි මිලට ලබා ගත හැකි, අති නවීන විශේෂාංග සහිත Honor ස්මාර්ට් ජංගම දුරකථන මගින් ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට අද්විතීය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගනීමේ හැකියාව පවතිනවා. Honor නිෂ්පාදනවලට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ ඉතා හොඳ අවස්ථා රාශියක් තිබෙනවා. එය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා යනුවෙන් විජේවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

සිංගර් විසින් ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන HONOR නිෂ්පාදනය මෙරටට හඳුන්වා දෙයි

Honor සතු සුවිශේෂී විශේෂාංග හරහා ගෙවන මුදලට වැඩි වටිනාකමක් ලබා දීම තුළින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සිංගර් විසින් Honor X-Series නිෂ්පාදන පෙළක් විවිධ මිල ගණන් යටතේ මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment