සිංගර් ශ්‍රී ලංකා සමාගම දේශීය නිෂ්පාදනය වැඩි කරමින්, මෙරට සංවර්ධනයට ශක්තියක් ලබා දෙයි

224

සිංගර් ශ්‍රී ලංකා යනු අත්‍යවශ්‍ය පාරිභෝගික ගෘහ භාණ්ඩ රැසක් නිපදවනු ලබන සමාගමක් වන අතර, ඇතැම් නිෂ්පාදන ලොව ඉහළ ම තාක්ෂණය භාවිත කරමින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි. සිංගර් සමාගම මෙරට වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය දේශීය නිෂ්පාදන ගෙන එයි. එමෙන් ම එම සමාගම සාධාරණ මිල ගණන් යටතේ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා මනාව සැලසුම් කරන ලද නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නංවයි. දශක 6කට පෙර, සිංගර් මහන මැෂින් නිෂ්පාදනයෙන් ආරම්භ කෙරුණු සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානය වන විට ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය දක්වා පුළුල් වී ඇත.

Regnis යනු තත්ත්වයෙන් උසස් සිංගර් හා සිසිල් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය කරන ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය. 1988 දී අරඹන ලද Regnis කර්මාන්ත ශාලාව ආරම්භයේ සිටම නවීන තාකෂණය මුසු වූ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නව මාදිලිවලින් මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයා ලෙස සඳහන් කිරීම නිවැරදිය. මෙම නිෂ්පාදන අංශය, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින්, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, ඒ වෙනුවෙන් විවිධ පාරිභෝගික සමීක්ෂණ හා පර්‍යෂණ කටයුතුවලද නිරත වෙයි. සිංගර් ශීතකරණ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන් ලොව ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරයි. නවීන තාක්ෂණය, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය සහ 100% පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය යන කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නිපදවන සිංගර් ශීතකරණ, දකුණු ආසියාව තුළ නිෂ්පාදනය කෙරුණු ප්‍රථම CFC රහිත ශීතකරණ නිෂ්පාදනය ලෙස සඳහන් කළ යුතුමය. තම දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්, සිංගර් සමාගම සිය ශීතකරණ නිෂ්පාදන පෙළ Frost-Free, Direct Cool සහ Inverter යන තාක්ෂණ වලින් වෙළෙඳපොළ වෙත නිකුත් කරන අතර වර්තමානය වන විට සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මිලියන එකහමාරකට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. ශීතකරණ නිෂ්පාදනය හා සමානව , දේශීය අවශ්‍යතාවන්ට සරිලන සිංගර් රෙදි සෝදන යන්ත්‍ර ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය යන මාදිලි දෙක යටතේම මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කරන සිංගර් සමාගම, පසුගිය දශකය තුළ රෙදි සෝදන යන්ත්‍ර මිලියන 0.6කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත ශීතකරණ ඉල්ලුමෙන් 45%ක් සහ රෙදි සෝදන යන්ත්‍ර ඉල්ලුමෙන් 33%ක් පමණ සපුරාලීමට සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment