සිංගර් ශ‍‍්‍රී ලංකා, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන සන්නාම තානාපතිනිය ෆැලන් ඇන්ඩි‍්‍රයා

224

ශ‍්‍රී ලංකාවේ ප‍‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප‍‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩි‍්‍රයා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ සිංගර් ප‍්‍රධාන කාර්යාලයේදී පැවැතිණි.

 මේ පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසුවේ ‘‘සිංගර්, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස ෆැලන් ඇන්ඩි‍්‍රයා සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක් බවය. ඉදිරියේදී සිංගර් නවෝත්පාදන මුල්කරගත් නිෂ්පාදනරැසක් වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම පැවසුවේය. ”කලාකාරිනියක ලෙස ෆැලන් සතු විශිෂ්ට කීර්තිනාමය සහ තාරුණ්‍යය තුළ ඇති ජනප‍්‍රියත්වය නිසා Hi-Fi‍ නිෂ්පාදන පුළුල් කිරීමට අප දරන උත්සාහයේදී අපට විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවකගේ ආකර්ශනය දිනා ගැනීමට හැකිවනු ඇත. මෙමඟින් අපගේම

 පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදන අවශ්‍යතාවයන්ට සරිලන සැබවින්ම ශ‍්‍රී ලාංකික නිෂ්පාදන පෙළක් පුළුල් කිරීමට ලැබීම නිසා මෙය සාමාන්‍ය වෙළඳ ගිවිසුමකින් ඔබ්බට ගිය සහයෝගීතාවයකි.”‍

advertistmentadvertistment
advertistmentadvertistment