සිංගර් ෆිනෑන්ස් සිය අභිමානවත් 50 වන ශාඛාව සමගින් යාපනයට නව බලාපොරොත්තු රැගෙන එයි

47

සිංගර් ෆිනෑන්ස්, සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේ පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි.

දිවයින පුරා විසිරී ඇති ශක්තිමත් හා ස්ථාවර ශාඛා ජාලයක් පිරිවරා ගෙන සිංගර් ෆිනෑන්ස්, යාපනය අර්ධ ද්වීපයට පිවිසෙන්නේ පුරා විසි වසරක මූල්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිතවය. විසි වසරක කාලයක් තුළ ශාඛා 50ක් දීප ව්‍යාප්තව පිහිටුවීමෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් හැඟී යන්නේ සිංගර් ෆිනෑන්ස් සිය පාරිභෝගිකයන්ගේ උපරිම විශ්වාසය දිනා සිටින බවයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය හා ඒ හා සමගම එළැඹි දැඩි ආර්ථික අර්බුදය හමුවේ බොහෝ මූල්‍ය ආයතන පසුබෑමේ තත්ත්වයක් පෙන්නුම් කළද සිංගර් ෆිනෑන්ස් එකී අර්බුද සමය තුළ වුවද සිය ශාඛා ජාලය තව තවත් ව්‍යාප්ත කරමින් වඩාත් ස්ථාවර වූයේ ආයතනය සතු ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා සැළසුම්සහගත, විධිමත්, අත්දැකීම් සපිරි නිවැරදි පරිපාලනය නිසාවෙනි.

සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන සිංගර් ෆිනෑන්ස්, හේලීස් සමූහය තුළ ක්‍රියාත්මක වන එකම මූල්‍ය ආයතනය වේ. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහජන විශ්වාසය දිනා සිටින සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් ලෙස සිංගර් ෆිනෑන්ස් කටයුතු කිරීම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වඩාත් ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ. කල් පවත්නා සබඳතා මත ගොඩනැගෙනා අත්දැකීම් ඇසුරෙන් ගනුදෙනුකරුවන් වෙත වඩාත් ප්‍රයෝජනවත් හා විශ්වාසදායී සේවාවක් ලබාදීම සිංගර් ෆිනෑන්ස් මෙහෙවරයි.

advertistmentadvertistment
advertistmentadvertistment