සිංහපුර ශාන්තිකර්මය අතරතුර  ගෙහිමියාට වෙඩි තබලා

558

කුරුණෑගල මාවතගම, පරගහදෙණිය සිංහපුර ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් පවතින අතරතුර පෙරේදා (21 වැනිදා) රාත්‍රි 11.00 ට පමණ එම නිවසට පැමිණි අවිගත් පුද්ගලයකු නිවෙස් හිමියාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මාවතගම, පරගහදෙණිය, සිංහපුර පදිංචිව සිටි මොහොමුදුතාහා මොහොමඩ් නොහොත් අංජු නමැති 45 හැවිරිදි අයෙකි.

සිද්ධිය වූ දින මියගිය අයගේ 11 හැවිරිදි දරුවකු වෙනුවෙන් එම නිවසේ පැවති ශාන්තිකර්මයක් පැවැත්වෙමින් තිබියදී අවිගත් සාහසිකයා නිවස තුළට කඩාවැදී මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (22 දා) කුරුණෑගල රෝහලේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිස පරීක්‍ෂණ මෙහෙයෙවති.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment