සිංහයෝ ඉන්න තැන සිංහයෝ ගොරවා ගන්නවාගැටුම ගැන හරින් කියයි

282

සිංහයෝ ඉන්න තැන සිංහයෝ පොඩ්ඩක් ගොරව ගන්නවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග වූ සිද්ධියත් එවැන්නක් යැයි ද ඒවා බලන් එන්න බැරි නරි ‘හු’ කියා ගන්නවා යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (02 දා) පැවසීය.

සරත් ෆොන්සේකා මහතාට අනාගත රජයක ආරක්ෂක ඇමැතිකම දීම ගැන තම මතය කුමක්දැයි මාධ්‍ය ඊයේ විමසූ විට ඔහු කීවේ එතුමා එය නිවැරදිව කරනු ඇති බවය. තමා වැරැද්දක් කර නැති නිසා එවැනි පියවරකදී කිසිම බියක් නැති බව ද වැරදි කර ඇති අය නම් බිය විය යුතු බව ද ඔහු කීය.

සරත් ෆොන්සේකා මහතා සමග තමාගේ කිසිම ගැටුමක් නැති බවත් අපට ඇත්තේ මේ ජන පීඩක රජය ගෙදර යැවීමේ සටන පමණකැයි ද කීය.

සුසිල් රණමුක – ගම්පහ
 

advertistmentadvertistment
advertistmentadvertistment