සිංහරාජයේ ප්‍රොෆෙසර් මාටින් මියයි

334


සිංහරාජ වනාන්තරය ජාතියට පමණක් නොව ලෝකයට ගෙන ගිය ,සිංහරාජයේ මාටින් අයියා, නොහොත් ,ප්‍රොෆෙසර් මාටින්, රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී මිය ගියේය.
1970 මුල් භාගයේදී එවකට පැවති රජය මගින් සිංහරාජය තුනී ලෑලි සඳහා කපා එහි මැහෝගනී වගාව ස්ථාපනය කිරීමට තීරණය කිරීමත් සමග මාටින් විජේසිංහ මහතා මෙම ව්‍යාපෘතියට එක්වන්නේ අනියම් කම්කරුවකු ලෙසිනි.
නමුත් ඉහත ව්‍යාපෘතියට ඇති වූ මහජන විරෝධතාව මත එය 1978 දී අත්හැර දමන ලද අතරල එතැන් පටන් මාටින් විජේසිංහ මහතා කලවානල කුඩව පිහිටි සිංහරාජ මුලස්ථානය වෙත ස්ථිර කම්කරු තනතුරට උසස් කර සිංහරාජයේ පළමු මුරකරුවා බවට පත්කරන්නට එවක වන දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය.
එතැන් පටන් සිංහරාජයේ සියලු පරීක්ෂණල සමීක්ෂණ කටයුතු සඳහා පැමිණි දෙස්ල විදෙස් විද්වතුන්ගේ මග පෙන්වන්නාල ආරක්ෂකයා සහ අත්උදව් කාරයා ලෙස කටයුතු කළ මාටින් විජේසිංහ නොහොත් මාටින් අයියාල සිංහරාජයේ ගහක් ගලක් නෑර ඉතා හොඳින් දැන හැඳිනගෙන සිටියේය.
ඔහු ,ප්‍රොෆෙසර් මාටින්, මාටින් ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වන ලද්දේ සිංහරාජය තුළ වැවී ඇති සියලුම ලොකු කුඩා ශාකයන්හි උද්භිද විද්‍යාත්මක නම් සහ කුරුල්ලන් ඇතුළු වන සතුන්ගේ විද්‍යාත්මක නාමයන් සහ මොවුන් දැක ගත හැකි ප්‍රදේශද තම මතකයෙන්ම ඉතා හොඳින් දැන සිටි බැවිණි.

advertistmentadvertistment
advertistmentadvertistment