සිංහරාජයේ යෝෂිතගේ හෝටල් සංකීර්ණයට ගිනි තබයි

722

සිංහරාජ කදු පන්තියේ ගොන්ගල හේයස් වත්ත ආසන්නයේ පිහිටි යෝෂිත රාජපක්ෂයට අයත්යයි කියන හෝටල් සංකීර්ණයට 10 දා පැමිණි 100ක පමණ කණ්ඩායමක් විසින් ගිණිතබා පහරදී සම්පූර්ණ විනාශ කර ඇත.

සිංහරාජයේ යෝෂිතගේ හෝටල් සංකීර්ණයට ගිනි තබයි

මේ හේතුවෙන් එම හෝටල් සංකීර්ණයේ කබාන 5ක් සහ තවත් ගොඩනැගිලි  6ක් සම්පූර්න ගොඩනැගිලි 11ක් ගිනිබත් කර ඇත. කොළොන්න හා ඒ අවටින් පැමිණි පිරිස් මෙම හෝටලයට යන මාර්ගයේ ඔවුන් පැමිනි වාහන නතර කර ගල් දමා මාර්ගය අවහිර කරමින් හෝටලයවෙත පයින් ගොස් ගිනි තැබීම සිදු කර ඇත.

සිංහරාජයේ යෝෂිතගේ හෝටල් සංකීර්ණයට ගිනි තබයි

ඒ හේතුවෙන් හෝටලයේ තිබු සියල්ල සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇත. කෙසේ උවද මෙම හෝටලය වෙනත් පුද්ගලයෙකුගේ නමට ඇති එකක් බවද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ලසන්ත දඩල්ල යටතේ කොළොන්න පොලීසිය පරික්ෂණ පවත්වයි.

සිංහරාජයේ යෝෂිතගේ හෝටල් සංකීර්ණයට ගිනි තබයි

ඕමල්පේ ප්‍රගීත් ජනක

 

advertistmentadvertistment
advertistmentadvertistment