සිංහරාජයේ වන අලියා නෙළුව සහ අවට භීතියක් වෙලා

399

සිංහරාජ වනාන්තරයේ සැරිසැරූ වන අලියකු නෙළුව, ප්‍රදේශයේ ගම්මානවලට පැමිණ සැරිසැරීම නිසා එම ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති.

මෙම වන අලියා නෙළුව, කොස්මුල්ල, බටහිර බටුවන්ගල සහ මාදුගැට හරහා පැමිණ හප්පිටිය ගම්මානයේ මොරගහකන්ද රක්ෂිතයට මේ වනවිට ඇතුලන් වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

වන අලියා ගම්වැදී දැනට දින තුනක් පමණ වන අතර වන අලියා සිංහරාජ වනාන්තරය වෙත පලවා හැරීම සඳහා උඩවලව වනජීවී නිලධාරීන් විසින් මෙහෙයුමක්ද මේ වනවිට ආරම්භකොට ඇත. මෙකී ගම්මානවලට මීට පෙර කිසිඳු දිනක වන අලියකු පැමිණ නොමැති බව ගම්මු පවසති. වන අලියා බැලීම සඳහා යාමෙන් වලකින ලෙස පොලිසිය විසින් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිති. වන අලියා විසින් මේ වන විට වගාවන්ට හානි කරමින් සිටියදී මෙකී ප්‍ර දේශවල ගම්මු නිදි වර්ජිතව භිතියට පත්ව සිටිති.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment