සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමේනවතාම ආයුර්වේද නිෂ්පාදනය ‘සිංහරාජ තෛලය’ එළිදක්වයි

345

විශ්වකර්ම මහා හෙළ වෙදකම් සම්ප‍්‍රදායේ සුවිශේෂී පාරම්පරික උරුමය රැගෙන එය නූතන තාක්ෂණය හා මුසුකරමින් වර්තමානයට රැගෙන එන වෙල්ලස්සේ මහා වෙද මැදුර වන සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමේ නවතම ආයුර්වේද නිෂ්පාදනය වන ”සිංහරාජ තෛලය” එළිදැක්වීම පසුගියදා වැල්ලවායේදී සිදු කෙරිණි.

එහිදී සිංහරාජ හෙළ ඔසු කළමනාකාර අධ්‍යක්ෂක ඩිලාන් වීරසේකර විසින් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කුමාරසිංහ වීරසේකර වෙදදුරුතුමන් වෙත ‘‘සිංහරාජ තෛලය” නව නිෂ්පාදනය නිළ වශයෙන් ලබා දෙනු ලැබීය.

වෙල්ලස්ස ප‍්‍රදේශයේ පාරම්පරික වෙද පරම්පරාවක් වන වීරසේකර පරපුරේ කුමාරසිංහ වීරසේකර දේශීය වෙදැදුරුතුමගේ මග පෙන්වීම මත පාරම්පරික වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරනු ලබන ‘‘සිංහරාජ තෛලය’’ මගින් ආතරයිටිස් ඇතුළු හන්දි රෝග, හිරිය, වාත රෝග, සියළු කැක්කුම් වේදනා සඳහා විශ්මිත විසදුම් ලබා දෙනවා.දේශීය වෙදකමේ ජීව ගුණය රැකගනිමින් සෞඛ්‍යාරක්ෂිතව ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරනු ලැබූ සිංහරාජ සිංහරාජ තෛලය ඉදිරියේදී පාරිභෝගික ඔබට සාමාන්‍ය වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් මගින් ලබාගත හැකි වේ. සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමේ නවතම නිෂ්පාදනය එලි දැක්විම අවස්ථාව සඳහා කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි, යුදගනාව හා දෙමටමල් රජ මහා විහාරාධිපති හිමිවරු සමගින් මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.

100% දේශීය සමාගමක් වන සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගම වැල්ලවාය ප‍්‍රදේශයේ සැමට රැකියා අවස්ථා ලබා දෙමින් ජන ජීවිතය නගා සිටුවීමට උර දෙමින් සිය මෙහෙවර ඉටුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment