සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය – ලතා මංගේෂ්කාර්

886



* ශ‍්‍රී ලංකා මා ප‍්‍රියාදර ජය භූමී….
 
 * ඉදිරියටා යනු සැවොමා…. නිදහස ලබනට බැමි සිඳදා

සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය - ලතා මංගේෂ්කාර්

මෙයට අවුරුදු 30 කට පෙර හින්දි තිරයේ ඉහළින්ම සිටි ගායකයා වූයේ කි‍්‍රෂෝර් කුමාර් ය. ඒ වන විට ඉන්දියාවේ සිටි සුපිරි ගායකයා වූ මොහොමඞ් රාෆි මිය ගොසිනි. රාෆිගේ තැන ගත් කිෂෝර් කුමාර් පසු කාලයේදී පැවති පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ කීවේය.

 ‘‘අද හින්දි චිත‍්‍රපටවලට වැඩිම මුදලක් අය කරන  ගායකයා මමයි. ඒත් ඒ හැම විටකම මම ලතා මංගේෂ්කාර් ගීතයකට අය කරන මුදලට වඩා රුපියලක් අඩුවෙන් අය කිරීමට තීරණය කළා. ඒ ලතාට කරන ගෞරවයක් හැටියටයි. ලතාගේ ගීත ගායනා ශෛලිය සහ ඇගේ ලය සමඟ හැරෙන්නට අප කාටවත් බැහැ’’

සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය - ලතා මංගේෂ්කාර්

ලෝකයේ වැඩිම චිත‍්‍රපට ශාලා ප‍්‍රමාණයක් පවතින්නේත්, වැඩියෙන්ම මිනිසුන් චිත‍්‍රපට නරඹන්නේත් ඉන්දියාවේ ය. මේ නිසා ඇමෙරිකාවේ හොළිවුඞ්පුරය නිතරම දෙවැනි තැනට එයි. සිනමා කර්මාන්තයේදී ලොව මුල් තැනට එන ඉන්දියාවේ චිත‍්‍රපට පසුබිම් ගායනා ඒකාධිකාරය හිමිව තිබුණේ ලතා මංගේෂ්කාර්ට ය. ඇය ලෝකයේ වැඩිම පිරිසක් අසන ගායිකාව බව කියනු ලැබේ. එසේම ලෝකයේ වැඩිම ගීත සංඛ්‍යාවක් ගැයූ ගායිකාව ද ලතා මංගේෂ්කාර් ය. 1929 දී කොන්කානි (කොන්කානි යනු ඉන්දු ආර්ය ප‍්‍රජාවකි. ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක කොන්කානි ජනයා පැතිර සිටිති. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කල ඉන්දියාවේ වෙසෙන කොන්කානිවරුන්ගේ ගණන 230,000 කි.* සංගීතඥයෙකු වූ දීනනාත් මංගේෂ්කාර් සහ ඔහුගේ බිරිඳ වන ශිවන්තිට උපදින වැඩිමහල් දරුවා ලතා මංගේෂ්කාර් ය. ඇගේ මුල් නම හේමා ය. මේ පවුල ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ වැසියෝ වූහ. ඇගේ පියා සංගීතයට අමතරව වේදිකා නාට්‍යවල රඟදැක්වීම ද කළේය. දීනනාත්ගේ වාසගම මංගේෂ්කාර් නොවේ. එහෙත් ඔහු තම උපන් ගම වූ ගෝවේ මංගේෂි ප‍්‍රදේශය සිහිපත් වීම සඳහා මංගේෂ්කාර් යනුවෙන් නමක් ලබා ගත්තේය. හේමා මංගේෂ්කාර් ගේ නම ලතා යනුවෙන් වෙනස් කරන ලද්දේ ඇගේ පියාගේ වේදිකා නාට්‍යයක චරිතයක් වූ ලතිකා යන නම සිහිපත් කිරීම පිණිසය. පවුලේ වැඩිමහලූ දරුවා වූ ලතා ට මීනා, ආශා, ඌෂා යනුවෙන් සහෝදරියන් තිදෙනෙක් ද, හරිදයනාත් යනුවෙන් සහෝදරයෙක් ද වූහ. පසු කාලයේදී ලතාට අමතරව මීනා, ආශා සහ ඌෂා යන තිදෙනාම ගායිකාවන් බවට පත් වූහ. හරිදයනාත් සුප‍්‍රකට සංගීත අධ්‍යක්‍ෂවරයෙක් බවට පත්විය. ලතාගේ සංගීත ගුරුතුමා ඇගේ පියා ය. අවුරුදු 5 සිට ඇය සිය පියාගේ නාට්‍යවල ගීත ගයමින් රඟපෑවාය. කුඩා දැරියක වූ ලතා යන යන තැන ගියේ ඇගේ සහෝදරියක් වූ ආශා සමගය. ( මේ කියන ආශා පසු කාලයේදී ආශා බෝස්ලේ විය. ඇය ශ‍්‍රී ලංකාවට පැමිණ භාතිය සංතුෂ් සමඟ ගීත කීපයක් ද පටිගත කළාය.* ලතා පාසලට ඇතුළත් කළ මුල් දිනයේදී ආශාට පන්ති කාමරයට ඒමට ඉඩ දෙනු නොලැබීය. ඒ නිසා ඇය පාසල් යෑම ප‍්‍රතික්‍ෂේප කළා ය. 1942 දී ලතාගේ වයස අවුරුදු 13 කි. ඇගේ පියා හෘදයාබාධයකින් මිය යන්නේ ද ඒ අවුරුද්දේ ය. පියාගේ අභාවයෙන් පසු ලතා ගේ පවුල බලා ගන්නා ලද්දේ ඇගේ පියාගේ සේවායෝජකයා වූ ‘නවයුග් චිත‍්‍රපති’ චිත‍්‍රපටි කොම්පැනිය මගිනි. ලතා ගායිකාවක සහ නිළියක ලෙස ස්ථාවර වන තුරු එම සමාගමේ හිමිකරු වූ විනයක්කර්නාටකී මංගේෂ්කාර් පවුලට සෙවණැල්ලක් මෙන් සිටියේය. 1942 දී ලතා මංගේෂ්කාර් මරති භාෂාවෙන් නිපදවූ චිත‍්‍රපටයකට සිය පළමුවන චිත‍්‍රපට ගීතය ගැයුවාය. එහෙත් චිත‍්‍රපටය සංස්කරණය කරන විට එම සිංදුව කැපිණ. ඒ අතර තම සමාගමේ නිෂ්පාදනයක් වූ චිත‍්‍රපටයකට ගීතයක් හා රංගනයක් ඉදිරිපත් කිරීමට ලතාට අවස්ථාවක් දීමට විනයක්කර්නාටකී ඉදිරිපත් විය. ඇය සිය පළමුවන හින්දි ගීතය ගයන්නේ ගජබාහු නමැති මරති නිෂ්පාදනය සඳහා ය.

සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය - ලතා මංගේෂ්කාර්
කිෂෝර් කුමාර් සමග

1945 දී විනයක්කර්නාටකීගේ චිත‍්‍රපට සමාගම සිය මූලස්ථානය බොම්බායට ගෙන ගියේය. එවිට ලතා ද බොම්බායේ පදිංචියට ගියා ය. එහිදී ඇය උස්තාද් අමාන් අලිඛාන් නමැති සංගීතඥයා වෙතින් හින්දුස්ථාන් ශාස්ත‍්‍රීය සංගීතය උගත්තාය. 1946 දී හින්දි භාෂාවෙන්ම නිපද වූ චිත‍්‍රපටයකට ඇය ගීතයක් ගායනා කළාය. මේ ගීතය සඳහා රෝහිණී භාතේ ශාස්ත‍්‍රීය රංගනයක් ඉදිරිපත් කළාය. රෝහිණී භාතේ යනු ඉන්දියාව විසින් නිපදවන ලද විශිෂ්ටතම නාටිකාංගනාවකි.

සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය - ලතා මංගේෂ්කාර්

 1948 දී විනයක්කර්නාටකී මළේ ය. ඉන් පසු ලතා, ගුලාම් හයිදර් නමැති කීර්තිමත් සංගීතඥයා සමඟ වැඩ කිරීමට පටන් ගත්තාය. ඔහු සශදාර් මුඛර්ජි නමැති චිත‍්‍රපට නිෂ්පාදකයෙකුට ලතා හඳුන්වා දුන්නේය. එහෙත් තම චිත‍්‍රපටවලට ලතා සම්බන්ධ කර ගැනීමට ඔහු කැමැති වූයේ නැත. ලතාගේ කටහඬ සිහින් වැඩි බව ඔහු කීවේය. එවිට ගුලාම් හයිදර් බලවත් කෝපයට පත්විය. ඉදිරි කාලයේදී ඉන්දියාවේ චිත‍්‍රපට නිෂ්පාදකයන් තම චිත‍්‍රපටවල ගීත ගායනා කරන ලෙස ඉල්ලා ලතාගේ දෙපා මුල වැටෙනු ඇති බව ඔහු කීවේය. එසේ දෙපා මුල නොවැටුනත් පසු කාලයේදී හැම චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකුගේ ම අවශ්‍යතාවය වූයේ ලතා සිය චිත‍්‍රපටවලට සම්බන්ධ කර ගැනීමය.

සිංහලෙන් එදා ගීත ගැයූ භාරත මහා ගීත කෝකිලාවිය - ලතා මංගේෂ්කාර්

 ලතා ගීත ගායනා කළ මුල් යුගයේ චිත‍්‍රපට අතුරින් ඉහළම තැන ලබන්නේ නසීම් පැනිපති නිපදවූ මජ්බූර් චිත‍්‍රපටය ය. එය 1948 දී තිරගත විය. සිය 84 වැනි උපන් දිනය වෙනුවෙන් 2013 සැප්තැම්බරයේදී පුවත්පත් සාකච්ඡාවකට එක් වූ ලතා මෙසේ කීවාය. ‘‘ගුලාම් හයිදර් යනු මගේ දෙවන පියා ය. මගේ හඬ හා හැකියාව ගැන සම්පූර්ණ විශ්වාසය තැබූ පළමුවැනි සංගීත අධ්‍යක්‍ෂවරයා ඔහු ය.’’ මුල් යුගයේදී නූර් ජෙහාන් නමැති කීර්තිමත් ගායිකාවගේ සංගීත විලාසිතාව ලතා විසින් අනුගමනය කළේ යැයි කියනු ලැබේ. එහෙත් පසුව ඇය තමාටම ආවේණික වූ ස්වරයක් සහ විලාසිතාවක් ඇතිකර ගත්තාය. එම විලාසිතාව සරල සහ ශාස්ත‍්‍රීය සංගීත ක‍්‍රම අතර සම සේ දෝලනය වූ විලාසිතාවකි. ඇයට ඉතා උස් ස්වරයෙන් ගීත ගැයීමට හැකිවිය. මෙයට SOPRANO VOCAL RANGE යැයි කියනු ලැබේ. මෙකී පරාසය තුළ ගීත

 ගායනා කිරීම සඳහා අත්‍යන්ත පුහුණුවක් අවශ්‍ය ය. ලතා කිසිදු පෙර පුහුණුවක් නැතිව මේ පරාසය තුළ ගීත ගායනා කළාය. මුල් කාලයේදී උර්දු භාෂාවෙන් ගීත ගයන විට ලතාගේ උච්චාරණයන් ඒ තරම් නිවැරදි වූයේ නැත. සුප‍්‍රසිද්ධ නළුවෙක් වන දිලීප් කුමාර් දිනක් මේ වරද ගැන ලතාට මතක් කර දුන්නේය. එවිට වහාම උර්දු ගුරුවරයකු හමු වූ ලතා ඔහුගෙන් උර්දු භාෂාව ඉගෙන ගත්තා ය.

 1950 ලතාගේ ජීවිතයේ හොඳම වසරකි. මේ වසරේදී එවකට ඉන්දියාවේ සිටි හොඳම සංගීතඥයන් වූ අනිල් විශ්වාස්, ශංකර් ජායික‍්‍රිෂන්, නෟෂාඞ් අලි, එස්. බී. වර්මන්, අමර්නාත් ඇතුළු රැුසක් යටතේ චිත‍්‍රපට ගීත ගැයීමට ඇයට අවස්ථාව ලැබිණ. ලතා විදේශික චිත‍්‍රපටයක් සඳහා වූ පළමුවන ගීතය ගයන්නේ 1955 දී ය. ඒ ශ‍්‍රී ලාංකික චිත‍්‍රපටයක් වූ සැඩසුළං සඳහා ය. සැබැවින්ම එම චිත‍්‍රපටයට ඇය ගීත දෙකක් ගැයුවාය. එම ගීත මෙසේය.

 

ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි

 ශී‍්‍ර ලංකා මාතා – මා ප‍්‍රියාදර ජය භූමී

 ජය භූමී – ජය භූමී – ශ‍්‍රී ලංකා

 සිරි දරු මෙළ දිවි පුරාතනේ

 ජයකොඩි නැංවූ වීර විකුමැති මා

 රම්‍ය දරුවනේ

 කෝ අනේ – අද දිනේ – කිම වුණේද

 දරුවනි අද

 නෑ පෙනෙන්නට කිසි තැනේ

 කොයි ගියේද මා දමා

 පෙම්බර මා පැටවුනේ – පෙම්බර මා පැටවුනේ



 ලකඹර ජය කේළි නගා

 සැමට සුපිරි සෙත සදා

 කර ශ‍්‍රී සෞභාග්‍ය ළඟා

 ගියේ ඇයි මා දුකෙහි දා

 කෝ අනේ අද දිනේ…..



 දන අද දුකදුරෙහි ගිලී

 ඇයි මේ ලෙස දිළිඳු වී

 ඇසැර බලවු හි\ අවදිව

 ලක යයි පිරිහී



 සැහැසි ක‍්‍රියා නිතර කෙරෙති

 දුසිරිතටම ඇදි ඇදී

 නොඉද මේ මර නිනේදේ අද

 එනු එනු පිබිදී – එනු එනු පිබිදී

 එනු එනු පිබිදී

 සැඩසුළං අධ්‍යක්‍ෂණය කරන ලද්දේ ටී. සෝමසේකරන් විසිනි. මේ චිත‍්‍රපටය ඉතා ජනපි‍්‍රය විය. මේ ගීත දෙකම ලියා තිබුණේ ආනන්ද සමරකෝන් ය.

 ඉදිරියටා යමු සැවොමා

 ඉදිරියටා යමු සැවොමා

 නිදහස ලබනට බැමි සිඳ දා


 තවත් වහල් වී ඉන්නෙ නෑ

 මේ දුක් විඳින්නෙ නෑ සදා

 යමවු යමවු සිත් සන්තොසින්

 විමුක්ති ශාන්ති වෙයි උදා

 ඉදිරියටා…..


 මේ ලංක දීපයේ සුරම්‍ය

 දූ පුතුන් අපියි උතුම්

 විනීත වූ ගුණාංග ලෝකේ සාමයයි අපේ විකුම්

 මේ දේ ගැනයි අපේ සටන්

 අපේ අවි උතුම් දහම්

 ඉදිරියටා….


 අපේ මේ ජීවිතේ මේ ලෝ

 බොහෝ උදාර වස්තුවයි

 හොඳින් ගෙවා නැසී ගියොත්

 නිගා ලබන්නෙ නෑ සුබයි

 එසේ හෙයින් මේ ජීවිතේ

 ලබන්ට නම් ප‍්‍රයෝජනේ

 පුදන්ට ඕනෑ ජීවිතේ

 විමුක්ති වීමටා සැණේ

 පුදන්ට ඕනෑ ජීවිතේ


 1957 පෙර ලතාගේ ජනප‍්‍රිය ගීත වැඩි හරියක සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ එස්. ඞී. බර්මන් ය. 1951, 1955 යන අවුරුදුවල ඔහු සංගීත අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට  ගණනාවකම ප‍්‍රමුඛ ගායිකාව වූයේ ලතා ය. එහෙත් 1957 දී ලතා සහ බර්මන් ආරවුළක් ඇතිකර ගත්හ. ඉන් පසු ලතා යළි ඔහුගේ චිත‍්‍රපටයක ගීත ගයන්නේ 1962 දී ය. ඇය තරම් සම්මාන දිනාගත් ගායිකාවක් හින්දි සිනමාවේ වෙනත් නැත.

 ලතා ශතවර්ෂයකට කිට්ටු කාලයක් සංගීත කර්මාන්තයෙහි නියුක්තව සිටි බැවින් පැරණි සහ නවීන ඉන්දියානු සංගීතඥයන් සියලූ දෙනාගේ තනුවලට ගීත  ගැයීමට තරම් වාසනාවන්ත වූවාය. 1985 දී කැනඩාවේ මේපල් ලීෆ් ගාඞ්න් පරිශ‍්‍රයේදී ගීත ගැයීමට ඇයට ආරාධනා කරන ලදී. මේ සංදර්ශනයට 12,000 ක් පැමිණියහ. එමගින් එකතු කරන ලද ඩොලර් 150,000 ක මුදලක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන ලදි. වසර 2001 දී ඇයට භාරත රත්න සම්මානය ලැබිණ. ඒ ඉන්දියාවේ විශිෂ්ටතම සම්මානයයි. ඊට අමතරව පද්ම භූෂණ (1969), පද්ම විභූෂණ (1999), zee සිනමා සම්මානය (1999), දඩාසාහෙබ් පාල්කේ සම්මානය (1998), මහාරාශ්ට‍්‍ර භූෂණ සම්මානය (1997), එන්.ටී.ආර්. ජාතික සම්මානය (1999) ඇතුළු සම්මාන සියයකට කිට්ටු ගණනක් ඇයට ලැබී ඇත. 2012 දී ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවන් 10 දෙනා අතරට ඕ පත්වූවාය. ඇය ගයා ඇති ගීත සංඛ්‍යාව 25,000 කි. ඇය දෙවැනි වන්නේ ගීත 28,000 ක් ගැයූ මොහොමඞ් රාෆි ට පමණි. ස්වල්ප කාලයක් කොරෝනා රෝගයෙන් පෙළෙමින් සිටි ඇගේ මරණය සමස්ත ඉන්දියාව කළඹනු ලැබ ඇත. ලතා ගේ හඬ වැනි හඬක් මේ මහ පොළොව මත පමණක් නොව, මේ විශ්වයේ කිසිදු තැනක යළි පහළ නොවන බව අපට විශ්වාසය.

 *  නාරද නිශ්ශංක, අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment