සිංහලෙන්, දෙමළෙන් ඉංග්‍රීසියෙන් කිව්වත් කොම්පඤ්ඤවීදිය කොම්පඤ්ඤවීදියමයි

129

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම මින් ඉදිරියට කොම්පඤ්ඤවීදිය ලෙස හැඳින්වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤවීදිය ලෙස හඳුන්වද්දී අනෙකුත් භාෂාවලින් මීට පෙර එම ප්‍රදේශය වෙනත් ආකාරයෙන් හඳුන්වනු ලැබිණි. එම ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව 1992-12-01 දිනැති අංක 75/5 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය යන්න භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤවීදිය ලෙස ප්‍රකාශ කිරීමට නියමිතය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment