සිංහල කෙටිකතා කලාවට ක්ෂණික ආලෝකයක් එක් කළ  ”සැණෙළි වියුම්’’

446

සැණෙළි යනු අහසේ එකවර දැල්වී ක්ෂණිකව තත්පර  ගණනාවක් ඇතුළත නිවී යන අකුණුයි. වියුම් යන්න ලියමන ලියවිල්ල යන අර්ථය ගෙන දේ. ඒ අනුව සැණෙළි වියුම් ලෙස සරලව අර්ථ ගන්නවා ඇත්තේ ක්ෂණිකව පෙනී නොපෙනී යන අන්දමේ කතා පෙළකි. අනිල් හේරත්ගේ පළමු කෙටිකතා සංග‍්‍රහය ලෙසින් පළ කෙරුණු සැණෙළි වියුම් කෙටිකතා සංග‍්‍රහයෙහි ශෘංගාරාත්මක ක‍්‍රියාකාරකම් හා දෙබස් ඇතුළත් අන්තර්ගතයන් හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැනි වැඩිහිටි තේමාත්මක අන්තර්ගතයන් රැුගත් කතා 13ක් පමණ ඇතුළත් වේ. ඒවා නම් හෙමින් යන බස්, කහ සහ ගෝවා, කැති සහ පිහි, වැලන්ටයින්, කෝච්චි සහ ස්වයංවරය, අත් සහ මාංචු, රතු සහ කළු, තුන්වෙනි සීනුව, මුදු සහ කෙස්, කඩදාසි, සබන් කොළ, කුළු සහ පොලූ හා නිය පිට ගඟ යන කතා පෙළයි. මෙම තේමා මෙන්ම ඒවා නාමකරණයේද කිසියම් ප‍්‍රබල වෙනසක් දැකිය හැකිය. ඒවා මින් පෙර කිසිදු කෙටිකතාකරුවකුගේ හෝ නිර්මාණකරුවකුගේ දෘෂ්ටියකට හසු නොවූ මානයන්ය. මෙම නාමකරණයද එතරම් නැවුම්ය. කතා නාමකරණයේදී යෙදෙන බොහෝ වචන නිර්මාණයක නාමකරණයට යෙදිය හැකි බවටද නොසිතෙනා තරම් අපූරුය. අව්‍යාජය. බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහී ගිය මානයන්ය. එකකට එකක් ගැළපෙන වචන මෙන්ම නොගැළපෙන වචනද යොදා ගනිමින් කතා නාමකරණයේදී කතුවරයා සිදු කරන නාමකරණ ක‍්‍රියාවලිය කෘතියේ අන්තර්ගතය කුළු ගන්වයි. මෙහි කතා දිගහැරෙන්නේ අපට හුරුපුරුදු පරිසරවලම පමණක් නොවේ. නුහුරු නුපුරුදු පරිසරවලද එම කතා දිග හැරේ. ක්ෂණික කෙටි ලිවීමක් වන සැණෙළි වියුමේදී කෙටි වාක්‍ය, කෙටි වචන ඇසුරින් කෙටිකතාවක් ලෙස කියන්නේ විශාල ප‍්‍රමාණයේ සමාජ කතාන්දරය; ප‍්‍රස්තුතය. අවම වචනවලින් සාර්ථක කතා කීමේ කලාවක් ගොඩන`ගන ප‍්‍රමුඛයන් අතර අනිල් හේරත් නොමැකෙන සලකුණකි. මෙම සියලූම කතා කෙටි නමුත් ගැඹුරු අරුත් පළ කරයි. මෙය ඉතා සියුම් නිර්මාණයකි. මේ සියලූ නිර්මාණත්මක ලක්ෂණ තුළ කැපීපෙනෙන්නේ කතුවරයාගේ සංයමයයි. මනා හික්මීමක් නොමැති නම් මෙවැනි සාර්ථක ගද්‍ය කාව්‍යයක් බඳු කෙටිකතා සංග‍්‍රහයක් කළ නොහැකිය.

 මහාචාර්ය ලියනගේ අමරකීර්ති ස්වකීය කෙටිකතා කලාව කෘතියේ පෙන්වා දෙන අයුරින් අනිල් හේරත්ගේ සැණෙලි වියුම් කෘතිය ක්ෂුද්‍ර ප‍්‍රබන්ධමය කෙටිකතා නම් කෙටිකතා ශානරයට ලාංකීය කෙටිකතා සාහිත්‍යයේ දැනට ඇති හොඳම නිදර්ශනය වේ. ”ස්වාර්වුඞ්ගේ නිර්වචනය ඇසුරින් පමණක් මැන බැලූවද බෙහෙවින් අගය කළ හැකි අපූරු කෙටි කෙටිකතා පොතක් ලෙස මෙම කෘතිය නම් කළ හැක. කෘතියෙහි එන සියලූම කතා ඉහළ කලාත්මක ගුණ සහිත ක්ෂුද්‍ර ප‍්‍රබන්ධමය කෙටිකතා බව පෙනේ. ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකිය හැකි මෙම කෙටිකතා සංග‍්‍රහය සැබැවින්ම අපූර්ව ආඛ්‍යානයක් ලෙස පෙන්වාදිය හැකිය. මේ කෘතියේ එකදු තැනකදීවත් කිසිදු ආධුනිකත්වයක් දැනෙන්නේ නැත. හැඟවෙන්නේද නැත. කෘති බොහෝමයක් කියවා ලබන ආස්වාදයක් හා සමාන ප‍්‍රහර්ෂයක් මෙම කෘතිය කියවීමෙන් ලද හැකිය. විශිෂ්ට උත්ප‍්‍රාසාත්මක කෘතියක් ලෙස මෙම ක්ෂුද්‍ර ප‍්‍රබන්ධමය කෙටිකතා කෘතිය හැඳින්වීම වඩා නිවැරදිය. මෙහි වඩාත් ආකර්ශනීය අංගය ලෙස ආකෘතිය දැක්විය හැකිය. කෙටිකතා රචකයකු ලෙස සිදුවීම්වල හැඟීම් ප‍්‍රකාශනයේදී එය ඔහුට ආවේණික අනන්‍ය නැවුම් ආකෘතියක් බවට පත් කර ගැනීමට ඔහු ක‍්‍රියා කර ඇත. එහි නව්‍යතාව මෙන්ම ප‍්‍රබල බවද විශ්වසනීය බවද වචනයකින් දෙකකින් කියා විස්තර කළ නොහැක. ඉතා කෙටි වැකි හා තනි වචන මෙන්ම විරාම ලක්ෂණ තුළින් මවන ගද්‍යමය ආඛ්‍යානය එක්තරා ආකාරයක සිතුවමක් වැනිය. ඒ සීමිත වැකි තනි වචන හා විරාම ලක්ෂණ තුළ පුළුල් අර්ථ මෙන්ම බහ්වර්ථ සැඟව ඇත. එය සහෘද පාඨකයා ඉතා ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වේ. එමෙන්ම පාඨකයා තුළ කියවීමේ රුචිය හා පුරුද්ද ඇති කිරීමට හේතු වේ. පහසුවෙන් කියවා තේරුම් ගත හැකිය. විශේෂයෙන්ම මෙම කෘතියේදී කතුවරයා සමාජය වටහා ගෙන ඇති ආකාරය මෙන්ම පුද්ගල චරිත උපහාසයෙන් යුතුව විවරණය කර ඇති ආකාරය අගය කළ යුතුය. බුද්ධියට මෙන්ම හදවතට ඇහුන්කන් දෙන සහෘදයෙක් ලෙස මනුෂ්‍යයන්ගේ හොඳ, නරක, යහපත හා අයහපත දෙස මානූෂීයව දැකීමට ඔහුට හැකිවී තිබේ. නිර්මාණකරුවකු ලෙස පෞද්ගලික න්‍යාය පත‍්‍ර මත පිහිටා මත පළ කිරීම හා උපදේශ ලබා දීම වෙනුවට සංවේදී අයුරින් මානූෂීය ගැටලූ හා ප‍්‍රශ්න උපේක්ෂාවෙන් මැදහත්ව විවරණය කර ඇත. කෙටිකතා සංග‍්‍රහයේ එන කෙටිකතාවල නිරූපිත ස්ත‍්‍රීන් හා පුරුෂයන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිතයයි. අවධානය හා සාවදානව ඇහුන්කන් දීමයි. සියලූම කතා සමාජ යථාර්ථය නිරූපණය කරයි. අතීතයේ වුණු වර්තමානයේ සිදු වන අනාගතයෙහි සිදු විය හැකි අන්දමේ සිදුවීම් මෙන්ම පරිකල්පනද රසවත්ව ගොඩනැ`ගීමට ගත් සාර්ථක ප‍්‍රයත්නයකි. මෙම කෙටිකතා සංග‍්‍රහයේ නිර්මාණාත්මක භාෂා ශෛලියද ඊටම ආවේණික හැඩයක් ගත් අපූර්ව එකකි. කාව්‍යාත්මකය. දීර්ඝ කවි බඳුය. කතා රසයට බාධා වන එක් වචනයක් හෝ හමු නොවේ. මෙම කෘතිය පුරාම හමුවන නැවතීමේ තිත් කතාවලට පුළුල් හා ගැඹුරු සංකීර්ණ බවක් මෙන්ම කාව්‍යාත්මක රිද්මයක් ගෙන දෙයි. නිදහසේ කතාව කියවීමට අවකාශය ලබා දෙයි. සිතන්නට යමක් ලබා දෙයි. ඇබ්බැහි වන සුළු භාෂා රටාවකි. කිව යුතු බොහෝ දේ ආයාසයකින් තොරව අනායාසයෙන් මතු කර ඇත. උපමා, රූපක, සංකේත හා පසුබිම් නිරූපණ මෙන්ම ධ්වනිතාර්ථ වේ. සංකේතවලින් පොහොසත්ය. කලාන්තරයක වෙනස වුවද වාක්‍යකට දෙකකට ලඝු කොට රූපමය ලෙස ගෙන හැර පායි. බොහෝ කතාවල දෙබස් බහුලය. විස්තර අඩුය. සංරචනයට අනුව භාෂාව භාවිත කරයි. භාෂාවට කිසියම් ලාලිත්‍යයක් ඇත. මෙම කෙටිකතා සංග‍්‍රහය උත්තම පුරුෂ හා ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණවලට අනුව ලියවී ඇති අතර දෘෂ්ටිකෝණ භාවිතයේදී රචකයා භාවිත කළ ප‍්‍රයෝග නිසා කතාවේ සාර්ථකත්වයට මහත් මෙහෙයක් ඉටුවී ඇත. කෙටිකතාවලට පාඨකයා ග‍්‍රහණය කර ගැනීමේදී කතුවරයා සතු හැකියාව නිසා කතා කියවීමේදී පාඨකයා කතා අභ්‍යන්තරයට පිවිසීමට ඉඩ ඇත. අවසානයේදී සහෘද පාඨකයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා මෙහෙයවන සාර්ථක නිර්මාණයක් ලෙස සැණෙළි වියුම් කෙටිකතා සංග‍්‍රය සම්භාවනාවට පාත‍්‍රවිය යුතුය.

 * ඉවන්තා සඳුනි ජයසේන
 සහය කථිකාචාර්ය සිංහල අධ්‍යයන අංශය,පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment