සිංහල සිනමාවේ උපන් දිනය අදයි

168

සිංහල සිනමාවේ 75 වැනි උපන් දිනය අදට (21)ට යෙදී තිබේ. මෙරට පළමු කතා නාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව මුල් වරට තිරගත වූයේ අද වැනි දිනක ය. එනම් 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා හලේදී ය.

එදින චිත්‍රපටයේ මංගල දැක්ම එවක අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ‘කඩවුණු පොරොන්දුව’ට පෙර තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය වී තිබේ. රාජකීය වික්‍රමය නම් වූ එහි පසු කලක වමේ දේශපාලන නායකයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප්‍රධාන නළු චරිතය නිරූපණය කළේය. එහි පිටපත ලංකාවට ගෙන එද්දී ගිනිබත්වීම නිසා එම චිත්‍රපටය තිරගත කිරීම ඇනහිටියේය.

බී. ඒ. ඩබ්ලිව්. එඩී, රුක්මණි දේවි ඇතුළු නළු නිළි කැළක් රඟපෑ ‘කඩවුණු පොරොන්දුව’ එඩී රුක්මණි පෙර රඟපෑ වේදිකා නාට්‍ය ද පසුබිම් කරගෙන නිපදවුණි. එදා මෙදාතුර අප දිවයිනට දෙස් විදෙස් යසස අත්කර දීමට ශ්‍රී ලාංකීය සිනමා කුමරිය සමත්ව සිටින්නී ය.

එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ කඩවුණු පෙරොන්දුව අධ්‍යක්‍ෂවරයා වූයේ ජොතිෂ්සිංහ යි. කතාව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ලියා තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment