සිංහල සිනමාවේ විජයාගමනය

493



(සිංහල සිනමාවේ ස්වර්ණමය කාල පරිච්ජේදය සිය නම ඉදිරියේ සනිටුහන් කරගත් විජය කුමාරතුංගයන්ගේ පෙබරවාරි 16 දිනට යෙදී තිබුණු 34 වන ගුණානුස්මරණය නිමිත්තෙන් ඔහුට ගෞරවයක් පිණිස මෙම ලිපිය ලියැවිණි.)

සිංහල සිනමා වංශ කතාවේ සුන්දර සහ ආදරණීය කාල පරිච්ෙඡ්දයක් සටහන් කිරීමට විජය කුමාරතුංග නම් අසහාය රංගධරයා සමත් විය. සිංහල සිනමාවේ සිහින කුමරා ලෙසින් කිරුළු පැලැඳි විජය කුමාරතුංගයන් විටෙක, නළුවෙක්, ගායකයෙක්, දේශපාලනඥයෙක් යනාදී නොයෙක් භූමිකා ර`ග දැක්වූ ආදරණීය චරිතයක් ද විය. ඒ අනුව සිංහල සිනමාවම සිය වස`ගයට නතු කළ විජය කුමාරතුංගයන් පිළිබඳ අතීතානුස්මරණයක් සිදු කිරීම මෙයින් සිදු කර තිබේ.

වර්ෂ 1945ක් වූ ඔක්තෝබර් මස 09 වැනි දින රාගම මහ රෝහලේ දී කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග මහතා උපත ලැබීය. කුමාරතුංගයන්ගේ පියා නමින් කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග ගම්මුලාදෑනි වූ අතර මව නමින් බියටි‍්‍රස් කුමාරතුංග විය. කුමාරතුංග පවුල සය දෙනකුගෙන් සැදුම්ලත් වූ අතර, සිඞ්නි කුමාරතුංග, විවියන් කුමාරතුංග, රූපා කුමාරතුංග යනුවෙන් සහෝදර සහෝදරියන් තිදෙනෙක් විය. සී¥ව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන්හි දී අධ්‍යාපනය ලැබූ විජය කුමාරතුංගයන් සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත‍්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත‍්‍රපට රංගනයට අවතීර්ණ වූ විජය
කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තබනු ලැබීය. 1956 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් එතෙක් පැවති සිංහල සිනමාව උඩු යටිකුරු කරමින් වෙනස් මඟක ගමන් කිරීම ආරම්භ වන්නට විය. එකී ගමන් මගෙහිම ගමන් කරමින් සිංහල සිනමාවට විජය කුමාරතුංග නම් අසහාය රංගධරයා දායාද කිරීමට හන්තානේ කතාව නම් සිනමා පටය තුළින් හැකි විය.

විශේෂයෙන්ම විජය කුමාරතුංගයන් සිනමාවට අවතීර්ණ වනුයේ සිංහල සිනමාවේ තීරණාත්මක යුගයක් වූ 60 දශකයේ දී ය. ඒ අනුව හන්තානේ කතාව නමැති සිනමා පටය තුළින් සිය සිනමා ජීවිතය ඇරඹූ මේ අසහාය නළුවා ඔහු තම දිවි ඇතිතෙක් චිත‍්‍රපට 114ක ප‍්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡුායා (1989) සහ ක‍්‍රිස්තු චරිතය (1990) ඒ අතර ප‍්‍රධාන වේ. ඔහු විසින් දිනාගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප‍්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්තාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡුායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූහ. මෙම චිත‍්‍රපටය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස්
වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත. සහරාවේ සිහිනය (1990) චිත‍්‍රපටයට, වලාකුළක් ගෙන මුවා කරමු හිරු, දොළොස් මහේ පහන චිත‍්‍රපටයට සාරා ගුවන විද නැගුන, ගීතයන්ට එම සම්මාන හිමි විය. එසේම ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ. (ගඟ අද්දර, කවුළුව අතරින් වේදනා දිනකර පායා විජය ගී සීත රැුයේදී මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ළඟ* මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිදු මුදලක් උපයා නොමැති වීමද විශේෂ කාරණයකි. ඔහු මෙම සිනමා දිවියේදී ගොඞ් කින්ග්, නම් ඉංග‍්‍රීසි නැතහොත් බටහිර චිත‍්‍රපටයක රඟපා ඇත. එසේම නැංගුරම් නමැති දමිල චිත‍්‍රපටයකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරනු ලැබූ ප‍්‍රථම චිත‍්‍රපටය වරදට දඬුවම් (1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත‍්‍රපටය ඇය ඔබට බාරයි එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

විශේෂයෙන්ම බොහෝ දෙනකු විජය හඳුන්වනු ලබන්නේ වාණිජ සිනමාවේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ රංගධරයකු ලෙසය. නමුත් ඔහු කලාත්මක චිත‍්‍රපට 19කට රංගනයෙන් දායකත්වය ලබා දුන් අග‍්‍රගණ්‍ය වූ රංගධරයෙකි. ඇතැම් විචාරකයන් විජය වාණිජ නළුවෙකු ලෙස හැඳින්වීම යෝග්‍ය නොවන්නේ මේ කරුණ නිසාවෙනි. කෙසේ නමුත් 1978 පෙබරවාරි 20 දින එකල සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (එස්. ඞ්බ්. ආර්. ඞී. බණ්ඩාරනායක* මහතාගේ හා ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරතුංග* සහ එක් පුතෙකු (විමුක්ති කුමාරතුංග* ද සිටී. එසේම විජය කුමාරතුංගයන්ගේ සිනමා ජීවිතයේ තවත් එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 1978 දී විජයට මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග සිනමාකරණයේ යෙදීමට අවස්ථාව ලැබීම පෙන්වාදිය හැකිය. එම චිත‍්‍රපටය වන්නේ, අහසින් පොළොවට, චිත‍්‍රපටය යි. මෙය විජයගේ කලාත්මක සිනමා රංගනයේ සුවිශේෂී අවස්ථාවක් ලෙසින්ද හැඳින්විය හැකිය. වාණිජ සිනමාවේ දැවැන්ත භූමිකාවක් නිරූපණය කරමින් සිටි විජය මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් දැවැන්ත සිනමාපට අධ්‍යක්ෂවරයා හා සම්මුඛ වීම විජයගේ ජීවිතය මෙන්ම ලාංකීය සිනමාවේද මහත් වූ ප‍්‍රබෝධයක් ඇති වීමට හේතු සාධක වූ කරුණක් විය. විශේෂයෙන්ම 1981 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ බැද්දේගම චිත‍්‍රපටයට ද රංගනයෙන් දායකත්වය ලබා දීමට විජයට අවස්ථාව ලැබුණි. නමුත් බැද්දේගම චිත‍්‍රපටයේ විජයගේ රංගනය පිළිබඳ පූර්ණ වශයෙන් සෑහීමකට පත් විය නොහැකි බව බොහෝ රංගවේදීන්ගේ මතය වේ.

විශේෂයෙන්ම විජයගේ සිනමා ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යක් ලෙස සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඇසුර හා ගැටීම පෙන්වා දිය හැකිය. ඒ අනුව එම ඇසුරේ ප‍්‍රතිඵලයක් ලෙස 1979 දී තිරගත වූ පොඩි මල්ලි චිත‍්‍රපටය මොවුන් දෙදෙනාගේ නිර්මාණ සංයෝගය සඳහා කදිම නිදසුනකි. පොඩි මල්ලි සිනමාපටය යනු එතරම් දුරක පේ‍්‍රක්ෂක සිත් ඇද බැඳ ගැනීමට සමත් නොවූව ද, එහි විජයගේ රංගන කෞෂල්‍ය මැනවින් අන්තර්ගත විය. ඉන් අනතුරුව සුනිල් ආරියරත්නයන්ගේ ක‍්‍රිස්තු චරිතය චිත‍්‍රපටයට ද විජය දායක විය. මහත් ආන්දෝලනයකට ලක් වූ චිත‍්‍රපටයක් වන ක‍්‍රිස්තු චරිතය සිංහල සිනමාවේ බිහිවුණු විශිෂ්ටතම චිත‍්‍රපටවලින් එකක් බව අවිවාදයෙන් පිළිගත යුතු වනුයේ ක‍්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟ දැක්වීම අපහසු කාර්යයකට වඩා වගකීම් සහගත කාර්යයක් වූ නිසාවෙනි. විජය එම භාර¥ර රංගනය ඉතා මැනවින් ඉටු කිරීමෙන් ඔහුගේ රංගන කෞෂල්‍ය කෙතරම් ප‍්‍රශස්ත මට්ටමක තිබුණේද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

මෙහිදී විශේෂයෙන්ම විජයගේ සිනමා ජීවිතයට අමතරව දේශපාලන් ජීවිතය පිළිබඳවද සඳහන් කිරීම ඔහුට කරන ගෞරවයකි. විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ‍්‍රී.ල.නි.ප. යෙන් තරග වැදී මනාප 19738ක් ලබා ගැනීමට සමත් විය. ඔහු ක‍්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා සිරගත කිරීමට නියම විය. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වීම ලෙස 1977 ශ‍්‍රී.ල.නි.ප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හැඳින්විය හැකිය. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනාප 24899ක් ලබා ගැනීමට සමත් විය. එමෙන්ම, 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරග වැදී මනාප 10568 ක් ලබා ගැනීමටද සමත් විය.
කෙසේ නමුත් දේශපාලනයට සම්බන්ධවීමේ ප‍්‍රතිඵලයක් ලෙස විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහ්න 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකුගේ වෙඩි ප‍්‍රහාරයකින් මරණයට පත් විය. කෙසේ නමුත් විජයගේ මරණින් පසුව ද ඇතැම් කලාත්මක චිත‍්‍රපට තිරගත විය. මධුසමය චිත‍්‍රපටය ඊට කදිම නිදර්ශනයකි. මධුසමය චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුයේ කේ. ඒ. විජයරත්න විසිනි. චිත‍්‍රපටය 1991 දී තිරගත විය. එහිදී විජය රඟ දැක්වූයේ, ජගත් නම් සංකීර්ණ මනෝභාව සහිත තරුණයකුගේ චරිතයකි. මධුසමය චිත‍්‍රපටය නරඹන විට ජාතක කථා පොත සිහිපත් වීම සිදුවන්නේ නිරායාසයෙනි. ජාතක කතා පොතේ එන සම්බුලා ජාතකය චිත‍්‍රපටයේ කථා වස්තුව සමග යම් ආකාරයක සාම්‍ය බවක් පෙන්නුම් කරයි. තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් පතිභක්තියෙන් යුක්තව කටයුතු කරන බිරිඳකගේ චරිතය මධුසමය චිත‍්‍රපටයෙන් නිරූපණය වේ. මේ අනුව විජය කුමාරතුංගයන් ආගම් බේදයකින් තොරවද සිය රංගන දායකත්වය ලබා දුන් බවට මෙය කදිම නිදර්ශනයකි.

මේ අනුව විටෙක රංගධරයෙක්, දේශපාලකයෙක්, ගායකයෙක් යනාදී නොයෙක් භූමිකාවන් සිදු කළ මේ අසහාය රංගවේදියා මරණයට පත්වීම තුළින් සිංහල සිනමාවේ ස්වර්ණතම කාල පරිච්ජේදයක් අවසන් විය. කේසේ නමුත් විජය කුමාරතුංග යන නාමය සදාකල් අප සිත්හි පැලපදියම් වනු ඇත.

ඩබ්. එම්. ප‍්‍රසන්න වන්නිනායක
පුරාවිද්‍යා (විශේෂ*, සිවුවන වසර,
පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment