සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්ස්’ ස්ථාන 3කින්

92

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට අමතරව තවත් ස්ථාන 2 කදී මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

රුපියල් 300, 400, 500, 750 සහ 1500 යන මිල ගණන් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන්ද මිලදීගත හැක.

වෙබ් අඩෙවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී ක්‍රීඩා ලෝලීන්ට හිමි QR ඛේතය තරග දිනයන්හිදී මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් රැගෙන ක්‍රීඩාංගණය වෙත රැගෙන ආ යුතු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment