සිංහ කැන්ගරු විස්සයි විස්ස පළමු සටන අද

364

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (11 වැනිදා) ඔස්ටේ‍්‍රලියවේ සිඞ්නි නුවරදී පැවැත්වේ. එ් අනුව දෙරට අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා කණ්ඩායම 2022 වසරේදී කී‍්‍රඩා කරන පළමු විස්සයි විස්ස තරගාවලිය මෙම තරගාවලිය වන අතර 2021 වසරේ අබුඩාබි හිදී පැවැති ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාව විසින් ශී‍්‍ර ලංකාව මුණ ගැසෙන පළමු අවස්ථාවද මෙය වේ.

කණ්ඩායම් දෙකම අවසන් වරට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඩුබාහිදී පැවැති ලෝක කුසලාන තරගාවලිය යටතේ හමු වූ අතර එම තරගයේදී කඩුලූ 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියාව සමත්විය.

ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 17ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක ජය හිමිකර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්වී තිබේ. තරග 8ක ජය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී තිබේ. එ් අනුව අද පැවැත්වෙන තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුවහොත් දෙරට අතර තරගවලදී කණ්ඩායම් දෙකම ලබා ඇති ජයග‍්‍රහණ සම තත්ත්වයට පත්වේ.

ශී‍්‍ර ලංකාව ඔස්ටේ‍්‍රලියාවේදී 2019 වසරේ නොවැම්බර් මසයේදී අවසන් වරට විස්සයි විස්ස තරගාවලියකට කී‍්‍රඩා කළ අතර එම තරගාවලිය 3-0කින් ජය ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්විය. 2017 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වූ අතර එතැන් පටන් මේ දක්වා සත්කාරක අවස්ථාවකදී හෝ සංචාරයකදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබී නොමැත.

අද තරගයට කී‍්‍රඩා කරන ඔස්ටේ‍්‍රලියානු සංචිතය ඊයේ (10 වැනිදා) ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී නවක කී‍්‍රඩක ජෝෂ් ඉන්ග්ලිස් අද දිනයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීමට නියමිතව තිබේ. අංක 3 ස්ථානයේ කී‍්‍රඩා කළ මිචෙල් මාෂ් මෙම තරගාවලියට ඇතුළත්ව නොමැති අතර එ් වෙනුවට ජෝෂ් ඉන්ග්ලිස් එම ස්ථානයේ පන්දුවට පහරදීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර්ද ශී‍්‍ර ලංකාවට එරෙහි ඔස්ටේ‍්‍රලියානු සංචිතයට නම් කොට නොමැති අතර එ් අනුව බෙන් මැක්ඩර්මෝ බොහෝ දුරට අද දිනයේදී ඔස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශී‍්‍ර ලංකා සංචිතයට නම් කර සිටි කුසල් මෙන්ඩිස්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද තරගය ඇතුළුව ඉතිරි තරග 4ද ඔහුට මගහැරීමට බොහෝ දුරට ඉඩ තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ රැුකීමේ වගකීම අද දිනයේදී දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනු ඇත.

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක ලකුණු අතර සිටීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තබාගත හැකි කරුණක් වී ඇති අතර පන්දු යැවීමේදී වනි`දු හසරංග, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කෙරෙහි වැඩි වගකීමක් අද දිනයේදී පැවරේ.

ශී‍්‍ර ලංකා සංචිතය – දසුන් ශානක (නායක) චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනි`දු හසරංග, බිනුර ප‍්‍රනාන්දු, ෂිරාන් ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ජනිත් ලියනගේ

, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ.

ඔස්ටේ‍්‍රලියානු සංචිතය -එ්රන් ෆින්ච් (නායක), ඇෂ්ටන් අගාර්, පැට් කමින්ස්, ජෝස් හෙසල්වුඞ්, ට‍්‍රැවිස් හෙඞ්, මොයිසස් හෙන්රිකස්, ජොස් ඉන්ග්ලිස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක් මැක්ඩමෝ, කේන් රිචඞ්සන්, ජයි රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මාක්‍රෙස් ස්ටොනිස්, මැතිව් වේඞ්, ඇඩම් සම්පා.

advertistmentadvertistment
advertistmentadvertistment