සිංහ වෙස් ගත් සක්විත්තකු ගැන පොලිස් ඇස

495

සිංහ වෙස් ගෙන පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ දහසකට අධික මුදල් වංචා කර මෙරටින් පලාගොස් සිටින තවත් සක්විත්තකු ගැන පොලිසියේ අවධානය යොමු වී තිබේ.

ඔහුගේ වංචාවට හසුවූ පුද්ගලයෝ 20 දෙනෙක් පොලිසියට පැමිණිලි කිරීමට සූදානමින් සිටිති. ‘සිංහ’ නම මුලට දමාගෙන හිදිමින් විවිධ පුද්ගලයන් සමග සුහදත්වයක් වර්ධනය කරගෙන මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

මොහුගේ මෙම වංචාවට කෝටිපති ව්‍යාපාරිකයන් ද හසුව ඇතැයි වාර්තා වේ.

මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ අය වේ නම් මිරිහාන වංචා විමර්ශන අංශයට ගොස් පැමිණිලි කරන්නැයි ද පොලිසිය ඉල්ලා සිටී.

අදාළ වංචාකාරී පුද්ගලයා 40 හැවිරිදි කළුබෝවිල පදිංචි අයෙකි. ඔහු බේරාගැනීමට එක්තරා පොලිස් නිලධාරීන් පිරිසක් උත්සාහ දරමින් සිටින බවද වංචාවට හසු වූවෝ පවසති.

මේ හේතුවෙන් මේ ගැන ඉහළ පොලිස් නිලධාරියකුට ද පැමිණිලි කර ඇතැයි ද දැනගන්නට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment