සිකුරාදාට පසු ප‍්‍රයිවට් බස් නතර වෙයි- ගැමුණු කියයි

175

ඉන්ධන අර්බුධය තවදුරටත් පැවතියහොත් ලබන සිකුරාදායින් පසු පෞද්ගලික බස් ධාවනය නතර කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (30 දා) ‘දිවයින’ට පැවසීය.

දැනට ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් 25%ක් පමණ බව ද ඉදිරියේදී ඉන්ධන නොලැබුණහොත් බස් රථ කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පෞද්ගලික බස් රථ කර්මාන්තය පිළිබඳව රජය කිසිදු සහනදායි පිළිවෙතක් අනුගමනය නොකරන බවද ඔහු පැවසීය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment