සිකුරා මේෂයට ඔබට කොහොමද?

1609

නැටුම්, ගැයුම්, වැයුම් තරමක් වැඩි කෙළිලොල් වියේ පසුවන තරුණ තරුණියන් දකින වැඩිහිටියන් පවසන්නේ මේකලාට, මේකිලාට දැන් සිකුරා ලබලා කියලයි. කොහොමත් එහි යම්කිසි සත්‍යයක් නැත්තේම නොවේ. සිකුරා කොහොමත් කෙළි සෙල්ලමට කැමැත්තක් දක්වන ග්‍රහයෙකි. එවන් සිකුරා ලැබුවාම කෙළිලොල් බව වැඩිවන බව සත්‍යයකි.
එහෙව් සිකුරා 2023.03.12 වන ඉරු දින උදේ 08 පසුවී මිනිත්තු 27 ට මීන රාශියෙන් මේෂ රාශියට මාරු වී 2023.04.06 වන බ්‍රහස්පතින්දා උදේ 11 පසු වී මිනිත්තු 01 දක්වා මේෂ රාශියේ රැඳී සිටී.

එදිනට යෙදී ඇති ග්‍රහචාරය මේ අන්දමිනි. ලග්නය කුජ හිමි මේෂය. උදා වී ඇති නැකත හා පාදය විසා නැකතේ පළමු පාදයයි. තිථිය අව විංශතියයි. යෝගය ව්‍යාඝාත යයි. කරණය කෞලවයි. මහා දශාව ගුරු මහා දශාවයි. 22 වන දෙර්කාණාධිපති කුජය. 64 නවාංශකාධිපති රවිය. ග්‍රහ ලොව මනාලිය මේෂ රාශිගතවීම මේෂ රාශියට හා අනෙකුත් රාශීන්ට බලපාන ආකාරය මෙතැන් පටන් විග්‍රහ කර බලමු.

මේෂ

ශුක්‍ර මේෂ රාශියේ ගමන් කරන කාලයේදී සිතට මෙන්ම ගතට ද සැප දායක වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. සිත ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝදදායක කාලයකි. මොනයම් ක්‍රමයකින් හෝ ඉමහත් සතුටක් ඇතිවීමට කරුණක් යෙදේ. එකී සතුට යම්කිසි ලාභයක් ලැබීම නිසා හෝ හිතවත් ඥාති මිත්‍ර සංගමයක් නිසා හෝ පස්කම් සැප ලැබීමක් නිසා හෝ විය හැකි සතුටකි. ශරීර සනීපය ඇතිවීම නියමයි. ලෙඩකින් පීඩා විඳි අයෙක් නම් මේ කාලයේදී නිරෝගී වේ. අඹු සැමියන් අතර ආදර සම්බන්ධකම් වැඩි වේ. දෙදෙනා අතර හිතවත්කම, ආදර සම්බන්ධය වැඩි වේ. අවිවාහක පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ ස්ත්‍රී සම්බන්ධකම් හෝ අවිවාහක ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟ පුරුෂ සම්බන්ධකම් හෝ පැවැත්වීමට ඉඩ ලැබේ. හිතවතුන් හිතවතියන් ඔබට හොඳින් සලකයි. එබැවින් හිතවතුන් හිතවතියන් හමුවීමට යෑමට මෙය හොඳ කාලයකි. මේ කාලයේ ආදායම හොඳින් ලැබේ.

වෘෂභ

සාමාන්‍යයෙන් වාසනාවන්ත ප්‍රීතිදායක කාලයකි. මිල මුදල් ලාභ ලැබේ. දියුණුවක් ඇති වේ. විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් ලාභ ලැබේ. සමහර විට අනුන්ගෙන් තරමක ලාභයක් ලැබීමට හේතුයි. ස්ත්‍රීන්ට, පුරුෂයන් සමගත් පුරුෂයන් ස්ත්‍රීන් සමගත් ප්‍රීතිමත් සමාගම් පවත්වන්නට පුළුවන. ආලයක් තිබේ නම් එය සඵල වේ. ප්‍රීතිය ලැබේ. ආදායම් දියුණු වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ඥාතීන් සමඟ ප්‍රීතිදායක උත්සව පැවැත්වීමට හෝ ඒවා බැලීමට හෝ අවස්ථාව ලැබේ. ශරීරාලංකාරයට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සිදුවේ. මුහුණේ අලංකාරය, ප්‍රීතිමත් භාවය ඇති වේ. ගෙදර දොර වාසනාව ඇති වේ. සතුටින් කාලය ගෙවී යයි. නිතර සිනාමුසු මුහුණින් සිටින්නට පුළුවන. සතුටෙන් කාලය ගෙවී යයි. විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන් තෑගි ලැබෙනවා ඇත. පවුලේ දියුණුවට හේතුයි.

මිථුන

ඔබට ස්ත්‍රීන්ගෙන් කරදර ඇතිවුවත් වාසනාවන්ත කාලයකි. සතුරන් නැති වේ. සහෝදරයන්ට සැප ලැබේ. හිතවතුන්ගේ ආශ්‍රය ලැබේ. ප්‍රීති උත්සව බලන්ට ලැබේ. මිත්‍රයන්ගේ ආශ්‍රය ද උපකාර ද ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබේ. සහෝදර සහෝදරියන් ඔබ ළඟට පැමිණේ. ගරු සැළකිලි ලැබේ. වස්ත්‍රාභරණ ලැබේ. සැප පහසුව ඇති වේ. සාමාන්‍ය දියුණුව ද නියමයි. අලංකාර ලස්සන භාණ්ඩ ආදිය ලැබේ. ගෙදර දොර සැප පහසුව ඇති වේ. නිතර ප්‍රීතිමත් ගමන් ඇති වේ. ලියකියවිලි මගින් ප්‍රීතිය ඇති වේ. අසල්වැසියන්ගේ හොඳ හිත ලැබේ. කෙසේ වෙතත් රැකී රක්‍ෂාවලට යහපත් කාලයක් නොවේ.

සිකුරා මේෂයට ඔබට කොහොමද?

කටක

මිල මුදල් ආදි වස්තු ලැබෙන කාලයකි. ස්ත්‍රී සංගම්වලින් සැප ලැබේ. මව්ගෙන් උපකාර ලැබේ. සිතේ ප්‍රීතිය හා වාසනාව ඇතිවන කාලයකි. ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ. එසේම ප්‍රීතිමත් විනෝදගමන් ද යෑමට හැකිවේ. ගෙදර දොර සැප පහසුව ඇති වන ආකාරයට කටයුතු කර ගැනීමට ඉඩ ලැබේ. කෑමබීම්, ඇඳුම් පැළඳුම් ආදියෙන් සිත් සතුට ඇති වේ. යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේ. ගොවිතැන් කටයුතුවලින් ලාබ ලැබේ. දරුවන්ගේ දියුණුව ඇති වේ. රැකි රක්‍ෂා කටයුතුවලින් පහසුව ද, කරදර අඩුවීම ද උසස්වීම ද නියම වශයෙන් ලැබේ. කරගෙන ආ කටයුතු දියුණු වේ. දේපළවලින් ලාබ ලැබෙන කාලයකි. දේපළ තව තවත් දියුණු කර ගැනීමට ඉඩ ලැබේ. සමාජයේ පිළිගැනීම ද, ප්‍රසාදය ද ඇති වේ. පවුලේ වාසනාවන්ත කාලයකි. ශරීර සනීපය යහපත් වේ. ගෙදර දොර පිරිසිදු කර ගැනීමට ද ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගැනීමට ද ඉඩ ලැබෙන කාලයකි. මව්ට සැපවත් වේ.

සිංහ

අනුන්ගෙන් ප්‍රශංසා, හොඳනම ලැබෙන කාලයකි. අලංකාර වස්තු ලැබීමෙන් සිතේ ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුව ද ඇති වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ ද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟ ද වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. සමාජයෙන් තම තත්ත්වය උසස් වේ. රේස් සූදු ආදියට යන අයට විශේෂ ලාබ ලැබේ. දරුවන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. ප්‍රීතිමත් වාසනාවන්ත කාලයකි. ධන ලාභ ලැබෙනවා ඇත. බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයකි. උසස් අයගෙන් හා වැඩිහිටියන්ගෙන් ගරු සැලකිලි ප්‍රශංසා ලැබේ. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සිතේ ප්‍රීතිමත් කාලයකි. යහපත් කටයුතුවලට බැසීමට යහපත් කාලයකි. රාගාධික කාලයක් වේ. එබැවින් එයට සුදුසු අය සමඟ ආශ්‍රයට කැමැති වේ.

කන්‍යා

මෙම කාල සීමාව සිතට දුක් කරදර දෙන කාල සීමාවකි. සතුරන් ද ඇති වේ. ඇඳුම් පැළඳුම් හිඟ වේ. එහෙම නැත්නම් විනාශ වේ. භාර්යාව සමග හෝ පවුලේ සිටින අන් ස්ත්‍රීන් සමඟ ආරවුල් ඇතිකර ගනී. සමාජයෙහි ආශ්‍රය කරන අය සමඟ ඇතිවන ගනුදෙනු කථාබහ ආදියේදී නොතේරුම්කමින් හෝ මෝඩකමින් නොයෙක් කරදර පැටලලි ඇතිකර ගනී. තමාගේ නම නරක් වේ. ස්ත්‍රීන්ගෙන් කරදර ඇතිවන කාලයකි. ලොතරැයි, රේස්, සූදු ආදියෙන් ජය නොලැබේ. ශරීර අසනීප හා දුර්වලකම් ඇති වේ. ශාරීරික අසනීපයන් වැඩිපුර ඇතිවන්නේ ප්‍රමාණය ඉක්මවා කම්සැප සෙවීම ආදියෙන් ඉන්ද්‍රියන් පිනවීමට යෑම නිසාය. අගෞරව ලැබේ. කේලාම්වලට අසුවේ. ඕපාදූප ඇති වේ. කනගාටුදායක කාලයකි. වියදම් අධික වේ. ආරවුල් සහිතය. භාර්යාවට අසනීපාදිය ඇති කරන කාලයකි. සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. බලාපොරොත්තු රහිත වියදම් ඇති වේ. අසනීපයක් හැදුනොත් ඉතා අමාරු වේ.

තුලා

විවාහ වූ අයට නම් භාර්යාවට අපල කාලයකි. ශෝකයක් කනගාටුවක් ඇතිවේ. කරදර සහිතය. ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ අනතුරක් සිදුවිය හැක. ස්ත්‍රීන් සමඟ ද අවුල් ද පැනනගී. වියදම් අධික කාලයකි. ආදර බන්ධන පිළිබඳ බලාපොරොත්තු කඩවීමක් නියමයි. ගෙදර දොර අවාසනාවන්ත කාලයකි. ගෙදර අය සමඟ සමාදානය අඩු වේ. භාර්යාව සහ ස්වාමිපුරුෂයා එකිනෙකට තේරුම් නොගැනීම නිසා අඬදබර කරදර ඇති වේ. මුදල් හානිය ද සිදු වේ. මේ කාලයේදී පිරිමි අධික රාගාධික වේ. තද කෝපයක් ඇති වේ. සිතේ එකලස්කමක් ඇති නොවේ. ශරීරාබාධ, ලිංගාබාධ, අධික උෂ්ණ ගතිය නිසා ඉන්ද්‍රියාබාධ සාදන්නට පුළුවන.

වෘශ්චික

ගෙදර දොර කටයුතු පිළිබඳ ප්‍රීතියට කරුණු සැළකේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩුමුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත. අලංකාර වස්තු ලැබෙන කාලයකි. ස්ත්‍රී සැප ද ලැබේ. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන්නට පුළුවන. ශරීර සනීපය ඇති වේ. සැප ලැබේ. ආදායම් වැඩි වේ. මුදල් ලාභ ලැබේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය ඇති වේ. ආදර බන්ධන දියුණු වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ ද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමග ද හොඳ හිතවත්කම් පවත්වන්නට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියත් සමාජයට ප්‍රියවීමත් මේ කාලයේ ඇතිවන විශේෂ ලක්‍ෂණයකි. රේස් සූදු ආදියෙන් ජය ලැබේ. ධන ධාන්‍ය ආහාරපාන වර්ග ලැබේ. තත්ත්වය උසස් වේ. වැඩි දියුණුවට කටයුතු සැලසේ. ආදර සංග්‍රහ ලැබේ. ස්ත්‍රීන්ගෙන් උපකාර ලැබේ. බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ. ප්‍රසිද්ධ වේ. ගරු සැලකිලි ලැබේ. මෙය සැනසිලිදායක කාලයකි.

ධනු

ඇඳුම් පැළඳුම් හා වස්ත්‍ර ලැබේ. ශරීර සනීපය ඉතා හොඳ වේ. දේව භක්තිය ද ඉතා වැඩි වේ. ගුරුවරුන් බැලීමට යෑමට හිතෙයි. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇති වේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වැඩ කටයුතු දියුණු වේ. ගොවිතැනින් ලාබ ලැබේ. ආදායම් ලැබේ. ගෙදර දොර වාසනාව නියමයි.

එසේම මෙම කාලසීමාවේදී ත්‍යාගවන්ත වීම, ආදර බන්ධන ඇතිවීම, සැප පහසුව ඇතිවීම, කම්සැප ලැබීම, ස්ත්‍රී සැප ලැබීම, සමහර විට සුදුසු වයස නම් විවාහ වීම, මංගල යෝජනා ලැබීම, අලංකාර වස්තුව ලැබීම, උසස් අයගෙන් ද, වැඩිහිටියන්ගෙන් ද ගරු සැලකිලි ලැබීම, ප්‍රසිද්ධ වීම, දියුණුවට කටයුතු යෙදීම, දැනීම, වැඩිවීම, යහපත් මිත්‍රයන් ලැබීම, පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟ ද හොඳ හිතවත්කම් නෑදෑකම් බැඳ, ගන්නට ලැබීම, හිතේ සැනසීමක් ඇති කාලයක් වීම, සමාජයේ දියුණුවක් ඇතිවීම, ලාභ ප්‍රයෝජන ලැබීම, පිං කිරීමට ආශාව ඇතිවීම, සිත් සතුටට කරුණු යෙදීම, දරු ශිෂ්‍ය ලාබ ලැබීම, දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇතිවීම, ආදී ශුභඵල ඇති කරන කාලයක් වේ.

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල විපාලක දෙන කාලයකි. මේ කාලයේදී නිෂ්ඵල ලෙස මිල මුදල් හානියක් හෝ අධික වියදම් යන ගතියක් පෙන්නුම් කරතත් මුතු මැණික්, රන් රිදී ආභරණ පිළිබඳ ලාභ ලැබෙන බවක් පෙන්නුම් කරයි. ශරීර සැප ලැබෙන කාලයකි. ස්ත්‍රීන් සමඟ අවුල් ඇති වේ. ස්ත්‍රීන් තමා සමඟ අසතුටු වේ. තමාගේ තත්ත්වය තබා ගැනීමට නොහැකි වේ. කේලාම් ඕපාදූප ඇති කරන කාලයකි. ආරවුල් මතුවීමෙන් සිත් තැවුල් ඇති විය හැකිය. කරගෙන යන කටයුතු තරමක් දුරට පහළ බැසීම ද දබර හා නඩුහබ වලට අසුවුවහොත් පරාජයට පත්වීම ද නියමයි. කලක සිට කරගෙන ආ රැකි රක්‍ෂා කටයුතුවලට උනන්දුව අඩු වේ. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ඇති වීමට ඉඩ තිබෙන බැවින් පරෙස්සම් විය යුතුයි.

කෙසේ වෙතත් මෙම කාලසීමාවේදී ස්තුති ප්‍රශංසා ද ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධිය ද දියුණුව ද ඇති වේ. ඉඳහිට වරින්වර වාසනාව මතුවෙන බවක් දක්නට ලැබේ. අලංකාරයෙන් ලස්සනට ඇඳ පැළඳ ගෙන ස්ත්‍රීන්ට හිතවතුන්ට පෙනෙන ලෙස හැසිරීමට ආශා කරයි. සහෝදරියන්ගේ ද මව්ගේද සැපවත් කාලයකි.

කුම්භ

දියුණුවට කටයුතු සැලසේ. ධන ලාභ, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ, රෙදිපිළි, ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයකි. ආදර බන්ධනවලින් ප්‍රීතිය ද සැනසීම ද ඒවා දියුණු වී යෑම ද ස්ථිරයි. ගෙදර දොර කටයුතුවලින් ප්‍රීතිය ද, නිදහස ද වාසනාව ද ලැබේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ ද, හොඳ හිතවත්කම් ඥාති සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සමාජයෙහි තමාට හොඳ තැනක්, සැලකිල්ලක් ලැබෙනවා ඇත. මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාර ද ලාභ ද තෑගි ද ලැබෙන කාලයකි. යහපත් ආහාරපාන වර්ග ද හොඳ ස්ත්‍රී සැප ද හොඳ ඇඳපුටු ද ලැබෙන්නට හේතුයි. ලස්සන තරුණ ස්ත්‍රීන් සමඟ ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. හිතවතුන් සමඟ විනෝද ගමන් යෑමට ද චිත්‍රපටි ආදිය බැලීමට ද අවස්ථාව සැලසේ. සිතට ප්‍රීතිය, සැනසීම ලැබෙනවා ඇත. කරන කියන රැකියාවලින් ද වෙළෙඳ ව්‍යාපාරවලින් ද ලාබ ලැබෙන කාලයකි. භෝජන සංග්‍රහ, ප්‍රීති උත්සව ආදියට සහභාගිවීමට ලැබේ. සිතේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ට වේ.

මීන

නොයෙක් ක්‍රමවලින් ගෙදර දොර අවුල් වියවුල් තැවුල් මතුවිය හැක. අවි ආයුධවලින් තුවාල සිදුවන්නට සොරු විසින් තම බඩු පැහැර ගැනීම හෝ සොරු නිසා බයෙන් ජීවත් වීමට සිදු වේ. කරගෙන එන කටයුතුවලින් පාඩු ද සිතට බය හා සැක ද ඇති වෙයි. රැකි රක්‍ෂා තනතුරු කඩා බිඳ වැටීම් ද නැතහොත් ඒවාට බාධා සිදුවීමට ද ඉඩ තිබේ. උනන්දුව හා ධෛර්යය අඩු කාලයකි. විනෝදවීමට අවශ්‍ය දේ සඳහා අධික ලෙස වියදම් කරයි. ඒ ඒ වෙලාවට කරන දෙයට ප්‍රමාණය ඉක්මවා කිරීමෙන් ඒ ඒ දෙයට ඇබ්බැහි වීමට ඉඩ තිබේ. බලාපොරොත්තු රහිත වියදම් වැඩි වේ. ආදර බන්ධන සුළුවෙන් වුවත් රහසිගතව තියෙයි. ආදර වන්තියක් බැලීමට රහසිගතව යන්නට සිදුවේ. තද ලෙස රාගාධික කාලයකි. ගමන් බිමන් නිතර ඇති වේ.

● උපාලි ආරියරත්න
දේශමාන්‍ය, ජ්‍යොතිර්විද්‍යා විභූෂණ
ජ්‍යොතිර්වේදී,
දු. ක අංකය 0779179162

advertistmentadvertistment
advertistmentadvertistment