සිකුරා – සමන්ත – කාක්කා ගැන කෝරලගේ සමන් කියන කතාව

393

මම ගුරුවරයෙක් කාලයක් කන්ටේනර් ඩ‍්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කළා

 කොත්මලේ ඉඳලා කොළඹ එන්නේ නළුවෙක් වෙන්න


 ජීවිතයේ සිහින සැබෑකර ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. හද්දා පිටිසර ගම්වල ඉඳලා ඇවිත් සිහින සැබෑ කරගන්න ගිහින් ජීවිතය නන්නත්තාර කරගත්තු කොල්ලො කෙල්ලො ඕනෑ තරම් අද සමාජයේ අපට හමුවෙනවා. නමුත් අද අප කතා කරන්න යන්නේ ඒ වගේ කෙනෙක් ගැන නම් නෙමෙයි. ජීවිතය ජයගන්න ගමක ඉඳලා ඇවිත් මේ ගෙන්දගම් පොළොවේ අනේක විඳ රස්සාවල් කරලා අන්තිමේ තමන් ගේ සිහිනය සැබෑකර ගන්නවා. ඔහු මේ දිනවල රූපවාහිනියේ කියන මාධ්‍ය ඔස්සේ දැකගන්න ලැබෙනවා. ඒ පාරදිගේ සිකුරා. මෙට්‍රෝ හීන සමන්ත ලෙසින් වගේම අඳුන්ගිර කාක්කා ලෙසිනි. මේ චරිත තුනම ජීවය දෙන අද අපේ කථානායකයා නමින් කෝරලගේ සමන්.


 * ඇත්තට ම සිකුරා කියන්නද? එහෙමත් නැතිනම් සමන්ත කියල ද කාක්කා කියල ද කතා කරන්නේ. මේ නම් තුන කිව්වහම ද මිනිස්සු දන්නේ. නැතිනම් කෝරලගේ සමන් කිව්වම ද දන්නේ?

 මම හිතන්නේ ඔය චරිත තුන ඇතුළේ කෝරලගේ සමන් අඳුරනවා ඇති කියලා.

 * කෝරලගේ සමන් වටා ගලාගෙන යන මේ චරිත තුනට ලැබෙන ප‍්‍රතිචාර?

 ඒක ඇත්තට ම වෙනත්ම හැඩ තුනක්. හැබැයි ජීවිතයේ තියෙන පළපුරුද්ද සහ අපි ලබාගත්තු සහ ඇසුරු කරන දේවල් ඇතුළේ තමයි මේ චරිත තුන ගොඩනඟා ගන්නේ. ඉතිං මට හොඳ අවස්ථාවක්. එකකට එකක් වෙනස් චරිත තුනකින් ටෙලිවිෂන් එකෙන් දකින්න ලැබීම ගැන. අනික මම මාරම ආස විෂයන් තුනක චරිත තුනක්.

සිකුරා - සමන්ත - කාක්කා ගැන කෝරලගේ සමන් කියන කතාව



 * මේ තුන් දෙනාගෙන් වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ කාටද?

 පාරදිගේ ටෙලි නාට්‍යයේ ෆෑන් බේස් එකත් එක්ක මේ වෙද්දී සිකුරාට තමයි ප‍්‍රතිචාර වැඩිපුර ලැබෙන්නේ. ඒත් එක්කම දැන් මෙට්‍රෝ හීන සහ අඳුන්ගිරෙනුත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 * ඇත්තට ම කෝරලගේ සමන්ටත් මෙට්‍රෝ හීනයක් තිබුණද?

 අනිවාර්යයෙන්ම මෙට්‍රෝ හීනයක් අපිව හදනවා අපි නෙමෙයි ඒක හදන්නේ. ඒක හදන්නේ මේ පවතින සමාජ ක‍්‍රමය ඇතුළේ තමයි ඉතාම දුෂ්කර ගම්වල ඉන්න මිනිස්සුන්ට මෙට්‍රෝ හීනයක් හදලා ඒ මෙට්‍රෝ හීනය ඇතුළේ සමහරක් වෙලාවට සියලූ දේවල් කුඩුවෙලා යනවා. ඒකෙන් සියයට එකකටයි ඒ මෙට්‍රෝ හීනය සැබෑකර ගන්න වෙනනේ. බහුතරයකට මෙට්‍රෝ හීන ගිලිහිලා ඉතාම පහත් මට්ටමකින් ජීවත් වෙන්න තමයි මේක ලෑස්ති කරලා තියෙන්නේ. මේක සමාජ ක‍්‍රමයේ ප‍්‍රශ්නයක් තියෙන්නේ.

 * මෙච්චර කල් කොහේද හිටියේ?

 මෙච්චර කල් හිටියේ වේදිකාවක් උඩ. කලාක්‍ෂේත‍්‍රය ඇතුළෙත් මම අවුරුදු දහසයක් දාහතක් වගේ වැඩ කළා. හැබැයි මට ජනපි‍්‍රය වනවාට වඩාට අන්තර්ගතය ඇතුළේ ජීවත් වෙන්නයි ඕනෑ. ඒක රස විඳින්නයි අවශ්‍ය වන්නේ. ඒක හින්දා අපි ඉතිං තරු වෙනුවට වඩා සරල විදිහට මේ කලාව කරන්නෙ.

 * සරල විදිහට කලාව කරන හින්න ද කෝරලගේ සමන් තරු නළුවෙක් නොවුණේ?

 ඒක අපි තෝරගන්න චරිත සහ අපේ ජීවන රටාවත් එක්ක තමයි සියල්ල තීරණය වෙන්නේ. මම කියන්නේ මේ රටට තරුත් ඕනෑ, කලාව ඇතුළේ ජීවත් වන මිනිස්සු ටිකකුත් ඕනෑ කියලයි. කවුරුත් මේකේ වැඩිය ඉන්න ඕනෑ කියලා දෙයක් නෑ. මේ හැමෝම ඕනෑ. මම ඉතිං හරි සරල විදිහට ලයිෆ් එක ගත කරන මනුස්සයෙක්.

 * සිකුරා ජීවිතයේ සෑහෙන දේවල් වෙනස් කළා කියලා හිතෙන්නේ නැද්ද?

 අනිවාර්යයෙන්ම වෙනස් කළා. සෑහෙන ප‍්‍රතිචාර හම්බ වෙන්නේ සිකුරාට. මම හිතුවෙත් නැහැ මේ තරම් ප‍්‍රතිචාර ලැබෙයි කියලා. අදට වුණත් පාරේ ගියාම මිනිස්සු මට ආස සිකුරා කියනවාට. ආපහු වෙලාවකට සමන්ත කියනවා. කාක්කා තවම එන ගමන් ඉන්නේ කියලත් කියනවා. මම ආස චරිතාංග නළුවෙක් වෙන්න. ඒ හින්දා චරිත හොයනවා. තවමත් අපි ඒකට ගම්වල යනවා. කැලෑවල ඇවිදිනවා. අපි එහෙම පිරිස් එක්ක ඉන්නේ.

සිකුරා - සමන්ත - කාක්කා ගැන කෝරලගේ සමන් කියන කතාව



 * මේ සිස්ටම් එක ඇතුළේ චරිත හොයන අය විසිවෙලා යනවා නේද?

 ඔව්. එහෙම වෙනවා. අපි මේක පවත්වා ගෙන යන්න උත්සාහ කරන්න ඕනෑ. මම හිතන්නේ ඒවා පවත්වාගෙන යන්න පුවත්පත්වලටත් වගේම මාධ්‍යයටත් වගකීමක් තියෙනවා කියලයි. මම හිතනවා මේ චරිත ඇතුළේ ඉතාම හොඳ දේවල් ටිකක් කරන්න පුළුවන් කියල.

 * කෝරලගේ සමන්ට ටෙලියක් ලැබෙනකොට පිටපත අනිවාර්යයෙන්ම වැදගත්ද?

 වැදගත්. අනිවාර්යයෙන්ම වැදගත්. අපි මොනවද කළ යුත්තේ අපි මොනවද හොයන්න ඕනෑ කියන එක සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා තමයි වැඬේකට එකතු වෙන්නේ.

 * වේදිකාවෙන් බැහැල, රූපවාහිනියට ගොඩවුණේ වසංගතය නිසාද?

 නැහැ. මම රූපවාහිනියේ වැඩ කළා. ජයලත් මනෝරත්නයන්ගේ ඉඳලා, ආනන්ද අබේනායක දක්වා. ඇත්තට ම මම මේ වෙද්දී ටෙලිනාට්‍ය හතළිහක් හළිස් පහක් විතර කරලා තියෙනවා. හැබැයි ජනපි‍්‍රය වුණේ ත්‍රෛලෝක ටෙලිනාට්‍යයේ බොබ්මාලේගේ චරිතය. එතැනින් පස්සේ වෙන ආරයකට ගෙන ආපු චරිතය තමයි සිකුරා සහ සමන්ත කාක්කා.

 * ඔබේ පෙනුමත් මේ චරිතවලට බලපෑමක් ඇති කරනවා නේද?

 පෙනුමත් එක්ක. හැබැයි මම හොයනවා මේ චරිත ඇතුළේ කොහොමද විවිධ කලර්ස් ගේන්නේ කියලා. ඒ හින්දා වෙන්න ඕනෑ මට ඒ වගේ දේවල් හම්බ වෙන්නේ. අනික මම කැමැති නැහැ එක චරිතයක් විදිහට හැමදේම කරන්න. මම කැමැති අලූත් දේවල් හොයලා අලූත් චරිත ගේන්න.



 * සිකුරාගේ අවසානයක් තියේවිද? නාට්‍ය පීක් වෙනකොට තව ටිකක් ඇදගෙන යන්න බලනව නේද? එහෙම වුණොත් සිකුරා මොනවා කරාවිද?

 එහෙම විය හැකියි. මම ආසා නැහැ වැඬේ ගොඩක් අදිනවාට. තවම මොකක් කරනවාද කියලා හිතාගන්න බෑ. එහෙම වුණොත් මම තීරණයක් ගන්නවා.

 * රංගනය කියන මාධ්‍ය තෝරා ගත්තේ නැතිනම් මොනවා කරාවිද?

 ඇත්තට ම මම වෘත්තියෙන් ගුරුවරයෙක්. මම උගන්වන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විiාලයේ. නාට්‍ය නොකළානම් ඇත්තට ම ගමේ හොඳ වගාවක් කරනවා. මගේ ගම කොත්මලේ. තේ වතු, ගම්මිරිස් වගේ හොඳ කාබනික වගාවක් කරාවි.

 * දැනටත් වගා කරනවා කියන්නේ?

 දැනට වගාවක් කරනවා ඒක කරන්නේ මම නෙමෙයි අපේ අප්පච්චි.

 * කොත්මලේ ඉඳලා කොළඹ එන්නේ?

 මේ ආපු ගමනේ නළුවෙක් වෙන්න ඞී‍්‍රම් එකක් හැදුණා. ඉතිං ඒක ඇතුළේ ආවා. අද වෙනකොට සන්තෝෂයක් තියෙනවා. සෞන්දර්ය විශ්වවිiාලයටත් ඇතුළු වෙනවා. ඇත්තටම නළුවෙක් වෙන්න තමයි කොළඹ එන්නේ.

 * මේ දවස්වල ගුරුවරුන්ට බැණුම් අහන්න වෙලා තියෙනවා. ඔබට එවැනි ප‍්‍රශ්න නැතිද?

 මගේ ගුරු භූමිකාවට මිනිස්සු ආදරෙයි. ඒකට ළමයි වුණත් ආදරෙයි. හේතුව මම වැඩ කරන්නේ වෙන රටාවකට. සම්ප‍්‍රදායක සිතුවිලිවලින් අපිට උගන්වන්න බැහැ. අපි ළමයින්ගේ සිතුවිලිවල ඉන්න ඕනෑ. ඒ හින්දා මම හැම වෙලේම ජීවිත තමයි උගන්වන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා හැමෝම එකතුයි.

 * දැන් පදිංචිය

 හොරණ.

 * කොත්මලේ ඉඳලා කොළඹ ආපු ගමනේදී මොන වගේ කට්ටක්ද කෑවේ?

 මම රස්සාවල් හතළිහක් විතර කළා. මේ නාට්‍ය කරන්න ආපු ගමනේ එක කාලයක කන්ටේනර් ඩ‍්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කළා. කොමියුනිකේෂන් කළා. ති‍්‍රවිලර් දිව්වා. බිස්නස් කළා. වතුවල වල් කොටනවා. මම එහෙම විවිධ රැුකියාවන් කළා මට හිතාගන්න බැරි තරම්. කුඹුරු වැඩවලට පවා අත ගහලා තියෙනවා. ජොබ් ගොඩක් කළා. මට හොඳටම මතක තියෙන කට්ට තමයි කන්ටේනර් එකක වැඩ කරනවා මේකට එන්න අවශ්‍ය නිසාම.

 * අන්තිමේ අරමුණ සාර්ථකයි නේද?

 අරමුණ සාර්ථකයි. ඒ ගැන මාර සතුටක් තියෙන්නේ. මොකද අපි ඒ කරපු දේවල් තමයි මේ තිරය ඇතුළේ ගේන්න උත්සාහ කරන්නේ. මේවා පැත්තකට දාලා ගමේ ගිහිල්ලා වගාවක් කරනවා කියලා හිතුණ වාරත් අනන්තයි. අමාරුයි. නමුත් අපි උත්සාහය කියන දේ අතහරින්නේ නැහැනේ. අපි ආසා දේ අපි අතහරින්නේ නෑ.


 දිනේෂ් විතාන

 ඡායාරූප – නදීෂාන් ලේකම්ගේ

advertistmentadvertistment
advertistmentadvertistment