අනුර නැකත 3 වන පාදයත් පුරදසවක තිථියත් බ්‍රහ්ම යෝගයත්, තෛතිලකරණයත් උදාවී ඇත. කටකයේ රවි ඇති අතර රවි මිත්‍ර බලයෙන් ද බුධ 2 වැන්නේ මිත්‍ර බලයෙන් ද 4 වැන්නේ කේතු සතුරුව ද 5 වැන්නේ සඳු නීචව ද 7 වැන්නේ වූ මකරයේ ශනි ස්වක්ෂේත්රව ද 9 වැන්න වූ මීනයේ ගුරු ස්වක්ෂේත්රව ද 10 වැන්නේ කුජ ද ස්වක්ෂේත්රව ද රාහු සතුරුව ද 12 වැන්නේ සිකුරු සමව ද ගමන් කරයි.
ලග්න 12ට සිකුරුගේ බල දුබලතා පිළිබඳව විග්රහයක යෙදෙමු.
මේෂ
මේෂ ලග්න හිමි ඔබේ ජීවිතයේ කෙබඳු වෙනස් වීමක් ඇතිවෙයි දැයි සිතමු. 2, 7 අධිපති සිකුරු විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මංගල යෝග උදාකරන අතර විවාහය තීන්දු වෙයි. එමෙන්ම විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ශුභයි. මිල මුදල් වියදම් වුවත් අවශ්‍ය වෙලාවට අවශ්‍යතා සඳහා මිල මුදල් ලැබෙයි. හැබැයි මේ කාලයේ මිල මුදල් අධික ලෙස වියදම් කරන්නට සිදුවෙයි. අවශ්‍ය දේට පමණක් මුදල් යොදවන්න. ස්ථාන වෙනස්වීමකට ඉඩකඩ පවතියි. නීතිමය ගැටලුවලින් ප්‍රවේශම්වන්න. අගෝස්තු 12 න් පසු ඔබට ජීවිතයේ නව මඟක් පෙන්වයි. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. ලංකාවේ ජීවත් වන දරුවනි, ඔබේ අධ්‍යාපන කටයුතුවලට වැඩිවශයෙන් කාලය වැයකරන්න. ඔබට ඉදිරියේදී තවතවත් බාධක එන්න පුළුවනි. එබැවින් අද දුන් වැඩේ අද අවසන් කරන්නට වග බලා ගන්න. අනතුරුවලින්ද ප්‍රවේශම් වන්න. අලුත් යාළුවන් ඇතිකර ගැනීමේදී ප්‍රවේශම් වන්න. අගෝස්තු 20 න් පසු තත්ත්වය ටිකක් වෙනස්වන්නට ඉඩකඩ පවතී. මානසික සුවය නැතිවෙයි. පරිස්සමින් ජීවිතය ගෙන යා යුතුම කාලයකි. ලෙඩ රෝගවලට අවශ්‍ය වෙලාවට බෙහෙත් ගන්න. අත්පාවල ස්නායු රෝග ද ඇති විය හැක. ආගම දහමට ලැදි වෙන්න.
වෘෂභ-
වෘෂභ ලග්න ඔබේ සිකුරු ස්වක්ෂේත්රව 2 වැන්නේ ගමන් කරයි. සිකුරු ලග්නාධිපති වෙයි. මෙම සිකුරු 6 අධිපති ද වෙයි. විශේෂයෙන් රැකියාව ගැන කතා කළොත් රැකියාවේ වෙනස් වීමක් ඇතිවෙයි. විශේෂයෙන් විදේශ ගමන් බිමන් මෙන්ම රැකියාවේ වෙනසක් සිදුවෙයි. මොනම හේතුවකටවත් රැකියාවේ ගැටලු ඇති කර ගැනීමෙන් වළකින්න. ඔබට දියුණුවකට කටයුතු සැලසෙන කාලයකි. සියලුම දේ සැලසුමකට අනුව කටයුතු කරන්න. ආදර බැඳීම් සඵල වෙයි. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවන්ටනම් ආදර බැඳීම් යෙදුණත් එය රස බැලීමට නොයන්න. මේ කාලයේ සිතුවිලි වේගවත් නිසා කරදර බාධකවලින් මිදී පුළුවන් තරම් ඇඟ බේරගෙන අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න. මුදල් සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න ගැටලු ඇතිවෙයි. නමුත් එයින් බේරීමට උත්සාහ ගන්න. අධ්‍යාපනය සඳහා හෝ
රැකියාවක් සඳහා විදේශ ගත වන්නට සිටින දරුවන්ට ඒ සඳහා ශුභයි. හැබැයි බාධකයක්ද පවතින නිසා කඩඉම් ලකුණු අඩුවෙන්නට පුළුවනි. සුළු කාලයකට හෝ ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව පවතියි. ඇත්තෙන්ම අගෝස්තු 20 න් පසුව ඔබට දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතය ජය ගැනීමට හැකියාව පවතියි. එබැවින් ජීවිතය කැපකර මහන්සියෙන් ප්‍රතිඵල නෙළා ගැනීමට හැකියාව ලබා ගන්න. ව්‍යාපාර කරන අයටත් ඉහත කී දේ එසේමය.
මිථුන-
විදේශගත දරුවන්ට හා ලංකාවේ ජීවත් වන අධ්‍යාපනය හදාරන දරුවනි. ඔබට වාසනා ගුණය පවතිනවා. ඔබ මේ කාලයේ සිකුරුගේ මහ දශාවත්, අතුරු දශාවත්, විදේශාවත් පවතී නම් ඔබට තවත් ශුභ ඵලගෙන දෙන කාලයක්. හැබැයි ඔබ ඉතාම බුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. එසේනම් ශුභ ඵල ලබාගත හැක. එමෙන්ම මිථුන ලග්න හිමියනි
රැකියාවේද ඔබ ක්‍රියාශීලී නොවුණොත් ඔබට සියලුම දේ එපා වන තත්ත්වයක් උදාවෙයි. ඔබට මේ කාලයේ මිල මුදල් අවශ්‍යම කාලයකි. නමුත් නිසියාකාරයෙන් ඔබ ක්‍රියාත්මක නොවුණොත් සියලුම දේ ඔබට අහිමි වෙයි. පුළුවන් තරම් ව්‍යාපාර කටයුතුවල නියුතු අය අන් අයගේ උපදෙස්ද පිළිගෙන ඉදිරියට යන්න. කුඩා දරුවන්ව හොඳින් රැකබලා ගත යුතු කාලයකි. අගෝස්තු 20 න් පසුව යම් යම් බාධාකත් සමග යන ගමනක් පෙන්වයි. මානසික සුවය නැති වුවහොත් සියල්ලම අහිමි වෙයි. විශේෂයෙන් විවාහ ජීවිතය සම්බන්ධව ගැටලු ලෙඩ රෝග ඇති කරයි. හදිසි අනතුරුවලින් ද ප්‍රවේශම් විය යුතු කාලයකි. අගෝස්තු 18න් පසුව දේපළ පිළිබඳව හෝ මිලදී ගැනීමක් සම්බන්ධ හොඳම කාලයකි. අඹු දරුවන් අතර ප්‍රශ්න ඇති කර ගැනීමෙන් වළකින්න. උත්සාහයෙන් ජීවිතය ජයගත හැකි කාලයක් බැවින් බුද්ධියෙන් ක්‍රියාකර ජීවිතය ජයගන්න.
කටක-
කටකට ලග්න හිමියනි ඔබේ සිකුරු ග්‍රහයා ගමන් කරන්නේ 12 වැන්න වූ කටකයේය. මේ කාලයේ ඉතාම සිහි බුද්ධියෙන් ක්‍රියා කළ යුතු කාලයකි. ඔබට කරදර ගෙනදෙන ඔබ අමාරුවේ වැටෙන කාලයකි. එමෙන්ම හදිසි අනතරුවලින්ද ලෙඩ රෝගවලින්ද පරිස්සම් විය යුතු කාලයකි. නොයෙක් ක්‍රමවලින් ඔබට කරදර විපත්ති ඇති කරවන කාලයකි. විමසිලිමත් විය යුතු කාලයකි. ඔබේ
රැකියාව හෝ ව්‍යාපාරවලින් ඔබට පාඩු විඳින්නට සිදුවෙයි. ගලා එන මුදල් මාර්ග යම් යම් අවස්ථාවලදී ඇහිරී යයි. කිසිම ආකාරයකට ඔබේ සිත මුලා වෙන්නට අයාලයේ යන්නට ඉඩ නොදෙන්න. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවනි. සීමාව ඉක්මවා නොයන්න. ආදර සම්බන්ධතා අඩාල වෙයි. දුක්විඳින්නට සිදුවෙයි. ඔබව මුලාවේ දමයි ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා. එබැවින් අධ්‍යාපනයට පමණක් මුල්තැන දෙන්න. නිකන් ජීවිතය විනාශකර නොගන්න. රාගයට ඉඩ නොදෙන්න. රැකියාවේ යෙදී සිටින අය රැකියාව පරිස්සම් කර ගැනීමට උත්සාහ ගන්න. ඇස්වල හා දත්වල අත්පාවල ආබාධ යෙදෙන්න ඇති ඉඩකඩ වැඩි නිසා පුළුවන් තරම් නිරෝගීව ජීවත් වන්න උත්සාහ ගන්න. අගෝස්තු 20 න් පසුව පෙරට වඩා ජීවිතය ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. සියලුම බාධකවලට නොබියවම මුහුණ දෙන්න. අවබෝධයෙන් කල්පනාවෙන් යුතුව ඉදිරියට යා යුතු ගමනකි. යාන වාහන, තමාගේ දේ විනාශ වෙන්නට සුළු කාලයයි ගත වෙන්නේ. ඔබ සතුදේ විනාශ වෙන්නට පුළුවනි. සිත් පීඩාවලින් මිදී ඉදිරියට යන්න.
සිංහ-
සිංහ ලග්න හිමියනි ඔබ මේ කාලයේ විශේෂයෙන්ම පරිස්සම් කරගත යුත්තේ ඔබේ රැකියාවයි. මොන තරම් බලපෑම් ආවත් රැකියාව ප්‍රවේශම් කරගන්න. ඔබ ළඟින් ආශ්‍රය කරන අයගෙන්ද මේ කාලයේ ප්‍රවේශම් විය යුතුයි.
රැකියාව නැති කර නොගන්න. විදේශ ගමන් බිමන් අගෝස්තු 30 න් පසුව ඇතිකර ගන්න. මොනම හේතුවක් නිසාවත් රැකියාවක් සඳහා විදේශගත වෙන්න හෝ මුදල් ඉස්සර කර නොගන්න. ඔබේ ජීවිතයේ ඔබට ලංවූ සියලුම දෙනාගෙන් මේ කාලයේ ප්‍රවේශම් වීමට වගබලා ගන්න. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අය සේවකයන් සමග සුහද නොවුණොත් ඔබට ඔවුන් නිසා පීඩා විඳින්නට සිදුවෙයි. ඔබ මනසින් වැටෙන කාලයකි. ණයෙන් නිදහස් වෙන්නට උත්සාහ ගත්තත් එය නිසියාකාරයෙන් ඉටු නොවේවි. මිල මුදල් අතින් පාඩු මෙන්ම නොලැබීම්ද යෙදේ. එබැවින් අතේ ඇති දේ රැක ගැනීමට උත්සාහ ගන්න. ප්‍රසිද්ධියේ ආදර සම්බන්ධතා බිඳී යයි. අලුත් ප්‍රේම සම්බන්ධතා ඇතිකර නොගන්න. කුඩා දරුවනි, දෙමාපියනි මේ දරුවන් පරිස්සම් කරගත යුතු කාලයකි. එබැවින් දරුවන් ආරක්ෂා කර ගන්න. අගෝස්තු 20 න් පසු දැඩි තීරණ ගැනීමේදී ප්‍රවේශම් වන්න. සතුරු කරදර ඇතිකර නොගන්න. අනවශ්‍ය විදිහට මුදල් වියදම් නොකරන්න. ලැබෙන දේ නිසි ලෙස තබා ගන්න. අධ්‍යාපනය ලබන දරුවනි මේ කාලයේ කේන්ති නොගෙන සිහි බුද්ධියෙන් කාලය ගත කරන්න. අලසකම ඔබ පලවා හරින්න. ලෞකික දේට ආශා කිරීමෙන් වළකින්න. අධික වියදම් අඩුකරන්න කියන්නේ ඒ නිසයි. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න. සම බරව ගෙවෙන කාලයකි.
කන්‍යා-
කන්‍යා ලග්න හිමි ඔබේ 10 වැන්න වූ මිථුනයේ සිකුරු ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරය ඔබට කෙසේ බලපාවිද යන්න පිළිබඳව විමසීමක් කර බලමු. මේ කාලයේ මානසික පීඩා ඇතිකරවන කාලයකි. එමෙන්ම පුළුවන් තරම් සිත නිරවුල්ව තබාගන්න. අගෝස්තු 20 න් පසුව යාන වාහනයක්, දේපළක් හෝ අලුත් නිවසක් මිලදී ගැනීමට උත්සාහ ගන්නේ නම් මේ කාලය ඉතාම ශුභදායකයි. එමෙන්ම ඉඩම් මිලදී ගැනීමේදී නීතිමය පැත්ත හොඳින් බලන්න. මන්ද පුළුවන්තරම් රැවටිලිවලින් පාඩු කරදරද ඇති වීමට පුළුවනි. විදේශගත වෙන්න උත්සාහ කරන අයට ශුභයි. අධ්‍යාපනය ලබන අයටද විදේශ ගත වෙන්නට ශුභයි. අධ්‍යාපනයෙන් පසුව හෝ අධ්‍යාපනය සමගම ආදායමක් ලබා ගැනීමටද හැකියාව පවතියි. විවාහ යෝජනා ගෙන එන කාලයකි. එමෙන්ම මේ කාලයේ එන යෝජනා සාර්ථක වෙයි. හැබැයි සොයා බලා සිදුකරන්න. ආදර බන්ධනද ඇතිවේ. පුළුවන් තරම් කල්පනාවෙන් අවංකව කටයුතු කරන්නට උත්සාහ ගන්න. රාගය ඉස්මතු වෙයි. එම නිසා පාසල් යන දරුවනි ආදර බන්ධනවල යෙදීමෙන් වළකින්න. පොත පතට වැඩි කාලයක් කැප කරන්නට උත්සාහ ගන්න. විනෝද ගමන් බිමන් යෙදේ. ශරීර සැප ලැබෙන කාලයකි. ස්ත්‍රීන් නිසා ගැටලු ඇතිවේ. ප්‍රවේශම් වන්න. රන් රිදී මුතු මැණික් ව්‍යාපාරවල යෙදෙන අයට ශුභදායකයි. බාධක සහිතව ඉදිරියට යෑමේ හැකියාව පවතියි.
තුලා-
තුලා ලග්න හිමි ඔබේ ලග්නාධිපති වන්නේ සිකුරුයි. මෙම සිකුරු 8 අධිපති වෙයි. සිකුරුගේ ගෝචර ඵල බැලීමේදී ඔබේ ජීවිතයේ මෙතෙක් පැවැති බාධක කරදර මග හැරී යයි. එමෙන්ම මෙතෙක් අධ්‍යාපනයට හෝ රැකියාවේ හෝ ව්‍යාපාරයේ බාධක පැවතියේ නම් තරමක් දුරට අගෝස්තු 30 න් පසුව ශුභදායක බවක් පෙන්වමින් ඔබව ඉහළට ඔසවා තබනවා. රැකියාකරන ස්ථානයේ ඔබට නොදැනී ඔබට විරුද්ධව වැඩකටයුතු සිද්ධ වන කාලයක් බැවින් කල්පනාවෙන් රැකියාව පරස්සමෙන් කරගෙන ඉදිරියට යන්න. පෙරට වඩා දේව භක්තිය වැඩිවන කාලයකි. ඔබ පුළුවන් තරම් පිං අතේ වැඩ කරන්න. එවිට පිං ඵල දෙන කාලයක් නිසා තිබෙන කරදර මගහැරී යයි. ලාභ ප්‍රයෝජන දෙවිදියකට ලැබෙන කාලයකි. ආදර බන්ධනවලට බාධා ගෙනදෙයි. සැප පහසුව තරමක් දුරට අඩුවෙයි. සුදුසු වයස්වල සිටින අයට විවාහ ජීවිතයට ඇතුළු වීමට හැකියාව ලැබේ. දියුණුවට කටයුතු ඇතිවේ. අතර මග නවතා දැමූ කටයුතු නැවත පටන් ගැනීමට කාලයයි. විශේෂයෙන්ම මේ කාලයේ තමාට අණ වින දෝෂ ඇති කිරීමට පුළුවනි. එබැවින් ඒ ගැනත් කල්පනාවෙන් යුතුව සිතන්න. හිතුවක්කාර නොවී ලෙඩ රෝගවලින් මිදී ඉදිරියටම යන්න.
වෘශ්චික-
රැකියා ස්ථානයේ මොන තරම් කරදර බාධක ආවත් රැකියාව පරිස්සම් කරගෙන ඉදිරියටම යන්න ඕන කාලයක්. මොන තරම් බාධක ආවත් ඔබ රැකියාව රැකගත යුතුයි. ව්‍යාපාරවල යෙදී සිටින අයත් එසේමයි. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවනි ඔබටත් කිව යුත්තේ ඉහත කී දේමයි. අධ්‍යාපන කටයුතුවලට ද බාධක යෙදේ. නමුත් ඔබ එය නොතකා ඉදිරියටම යන්න. මුදල් ලැබීම් අඩුවිය හැක. නමුත් ණය නොවී යා හැකි නම් ඔබට අගෝස්තු 30ට පසුව යම්කිසි දුරකට ශුභ බවක් ලැබීමක් ලබාගැනීමට හොඳම කාලයක් ලෙස දැක්විය හැක. අවබෝධයෙන් ජීවිතය ජය ගන්න. විදේශගත වෙන්න ඉන්න දරුවන්ටත් එසේමයි. බාධක සමග ඔබට ජයගත හැකි මාර්ගවලින් ජීවිතය ජයගන්න. හිතුවක්කාරී නොවී ජීවිතය ජය ගන්න. හවුල්කරුවන් සමග වැඩ කිරීමේදී පරිස්සම් වන්න. ව්‍යාපාරවල යෙදී සිටින අය තව තවත් තම ව්‍යාපාර ප්‍රචලිත කරගන්න. විවාහ වූ අය ප්‍රවේශම් විය යුතු කාලයකි. අලුත් ඇඳුම් පැළඳුම් මෙන්ම ගෙදරට බඩු මුට්ටු රැගෙන එන කාලයකි. එවැනි දේ මිලදී ගැනීමේදී අතේ ඇති මුදල් පිළිබඳව ද විමසීමක් කර බලන්න.
ධනු-
ධනු ලග්න හිමියනි මේ කාලයේ ඔබේ මවට හෝ ඔබේ බිරිඳට හෝ නැතිනම් බිරිඳගේ මව හෝ යම් ආකාරයෙන් ස්ත්‍රී පක්ෂයේ අයට මේ කාලයේ අඵලදායකයි. එමෙන්ම විවාහ වූ අයටද තම බිරිඳටද අපලදායකයි. දරුවන් ලැබෙන්නට සිටින අයද මේ කාලයේ ප්‍රවේශම් වන්න. කනගාටු වීමට කරුණු යෙදේ. ස්ත්‍රියක් නිසා නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. ලාභ ප්‍රයෝජන අඩු කාලයකි. මේ නිසාම අඹු දරුවන් අතර මත භේද ඇති කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට බාධාගෙන දෙයි. අවබෝධයෙන් කටයුතු කළහොත් යම්කිසි දුරකට අපල අඩුකර ගත හැක. එමෙන්ම ආදර බන්ධනවලදී ප්‍රවේශම් වන්න. ඔබ රැවටෙනවා අනිවාර්යයෙන්ම. කේන්දර ගැළපීමකින් සියල්ල සිද්ධ කරන්න. දරුවන් ගැනද කල්පනාකාරී වන්න. විශේෂයෙන් ඔබේ පළමු දරුවා මෙන්ම බාල දරුවා ගැනද කල්පනාකාරී වන්න.
මකර-
සිතට දුක්දෙන කාලයකි. නිතරම දුක දැනෙන කාලයකි. ඔබ පරාජය වන කාලයකි. රැකියාව ඔබට එපාවෙන කාලයකි. අධ්‍යාපනය ඔබට අමිහිරි වන කාලයකි. ඇත්තෙන්ම ඔබට මේ කාලය ඉතාම සිත් කලකිරීම් ඇති කරවන කාලයකි. පවුලේ අයගෙන් ද ඔබට හොඳක් නම් අසන්නට නොලැබෙන කාලයකි. කිසිම විටෙක ව්‍යාපාර ස්ථානයේ හෝ රැකියාවේ හෝ අධ්‍යාපනය ලබන තැන ප්‍රශ්න ඇති නොකර ගන්න උත්සාහ කරන්න. ශරීර අසනීප ඇති කරයි. දුර්වල වෙය.ි මනසින්ද දුර්වල වෙයි. අසනීප ඇතිවෙය.ි වරින් වර අසනීපගෙන දෙයි. ආදර බැඳීම්වලදී ද ප්‍රවේශම් වන්න. සීමාව ඉක්මවා කිසිම වැඩක් නොකිරීමට වගබලා ගන්න. ඉන්ද්රියයන් පිනවීමට නොයන්න තමාට හිමිනැති අය සමග. ඕපා දූපා කීමෙන් වළකින්න. ස්ත්‍රීන්ගෙන් ප්‍රවේශම් වන්න. පවුල් ජීවිත රැක ගන්න අධිකරණවලට නොයන්නට වගබලා ගන්න.
කුම්භ-
ඔබට යම්කිසි ආකාරයකින් ශුභ බවක් පෙන්නුම් කරයි. ඔබගේ සියලු වැඩ පසෙකලා අන් අයගේ වැඩකරන්නට නොයන්න. එසේ වුවහොත් ඔබට මානසික පීඩාගෙන දෙයි. දරුවනි අධ්‍යාපන කටයුතුවලට වාසනාව ඇති බැවින් පොතපතේ වැඩවල කැමැත්ත යොමුකර අලස නොවී ඉගෙනීමේ වැඩවල යෙදෙන්න. මෙතෙක් පැවැති බාධක දුරු කරගෙන ඉදිරියට යන්න. උසස් අධ්‍යාපනයට හොඳ වාසනා ගුණයක් පවතියි. විදේශ ගමන් බිමන් අධ්‍යාපනයට මෙන්ම රැකියාවන්ටද සුදුසුයි. මෙතෙක් පැවැති බාධාවීම් දුරුවී යයි. උත්සාහය අත්නොහැර ඉදිරියමට යන්න. අගොස්ත්තු 30 න් පසුව ඔබට ශුභයි. ණය නොවන්න.
මීන-
ඔබේ සිතුවිලි සඵල කර ගන්න පුළුවනි. ප්‍රේම සම්බන්ධතාවය මගහැරී ගියානම් නැවත පෙම්වතුන් පෙම්වතියන් වෙන්න. පෙර ඔබ මෙතෙක් සිතා සිටි බොහෝ දේ ඔබට ලබාගැනීමේ හැකියාව පවතියි. පුළුවන්තරම් දුරට කල්පනාවෙන් ජීවිතයට මුහුණ දෙන්න. ඔබේ ජීවිතයට හානි කරන්නට කිසිවෙකුටත් ඉඩ නොදෙන්න. පුළුවන් තරම් මුළුගැන්වීමෙන් වළකින්න. ආදර සම්බන්ධතාවලදී කාම සේවනයේ නොයදෙන්නට වගබලා ගන්න. අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. අලුත් නිවාසවලට යෑමටත් ඉඩම් මිලදී ගැනීම් වලටත් සුබ කාලයකි. මවට දැඩි ලෙස ආදරය කරන කාලයකි. විදේශ ගමන් බිමන් යෙදේ. සියලු දේ ශුභ අයුරින් සිද්ධ වෙයි. හදිසි අනතුරු කරදරවලින් මෙන්ම ලෙඩ රෝගවලින්ද ප්‍රවේශම් වන්නට කටයුතු සලස්සවා ගන්න.
නාඩි ජ්‍යොතිෂවේදී,
වාස්තු විද්‍යා උපදේශිකා
ඉවෝන් දිසානායක
ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
(මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
රම්මුතුගල- කඩවත.
දු.අංකය 0715 723 434/ 0777 343 437