සිකුරු මකර රශිගත වෙයි ලග්න හතකට සුබයි

2942

සෞරග‍්‍රහ මණ්ඩලයේ නව ග‍්‍රහයින් අතරින් ග‍්‍රහ ලොව සුරතලිය, නැතහොත් සුකුමාලිය ලෙස හඳුන්වන සකල කලා වල්ලභ ගුරු පුත් ශුක‍්‍ර නොහොත් සිකුරු ග‍්‍රහයා එලඹෙන ක‍්‍රි. ව. 2022 වූ පෙබරවාරි මස 28 වන සඳු දින උදේ 10.17 ට ශනි හිමි මකර රාශියට පිවිසෙනු ඇත. මකරය සිකුරුට මිත‍්‍ර රාශියකි. එතැන් සිට මාර්තු 31 දක්වා ම සිකුරු මකරයේ රැඳී සිටිනු ඇත.

සිකුරු යනු නව ග‍්‍රහයින් අතරින් ගුරුට පසු ව සිටින සුබම සුබ ස්ත‍්‍රී කාරක ග‍්‍රහයාය. එසේම සිකුුරු සෙනසුරුට අයත් රාශියක් වන මකරයේ ගෝචර වන විට ලංකා කේන්ද්‍රය ද වන කුම්භයේ 12 වැන්නේ ශනි, බුධ හා කුජ යන ග‍්‍රහයන් තැන්පත් අතර සිකුරු, කුජ, බුධ හා ශනි සෙනසුරුගේ රාශියක යෝග වීම එතරම් යහපත් නැත. සිකුරුගේ ග‍්‍රහ ගෝචරයට අනුව මෙම කාලසීමාව තුළ ලග්න 12 අතරින් මේෂ, වෘෂභ, කටක, කන්‍යා, තුලා, ධනු, මකර, යන ලග්නවලට සුබ ප‍්‍රතිඵල උදා වනු ඇත.

මෙම ග‍්‍රහ මාරුව හේතුකොට ගෙන මාසකට ආසන්න ඉදිරි කාල සීමාව තුළ අප රට තුළ ජල සම්පත දූෂණය වන සිදුවීම් ඇති වනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක් වන අතර, කාලගුණ වෙනස්කම් ද බහුල වනු ඇත. විශේෂයෙන් නළු නිළියන් හා ස්ත‍්‍රීන්ට මෙම කාල සීමාව සුබදායක නැත. එසේම තරුණ තරුණියන් අතර පේ‍්‍රම සම්බන්ධතා බහුලව ඇති වේ. විවාහ ආශ‍්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට මෙම ග‍්‍රහ මාරුව ආශ‍්‍රිත කාලය අසුබදායක වනු ඇත. සිනමා කර්මාන්තයට මෙන්ම සිනමා නිෂ්පාදකයන්ට ද මෙම කාලසීමාව අයහපත් වේ. නමුත් කාලෝචිත සිනමා නිර්මාණ බිහිවන කාලයකි. උපතේදී සිකුරු බලවත් හා උපතේදී 5 හෝ 9 රාශිවල සිකුරු තැන්පත් ජන්මීන්ට මෙම ග‍්‍රහ මාරුව යහපත් වේ. එම ජන්මීන්ට මෙම කාලය තුළ ගේ දොර ඉඩකඩම්, යාන වාහන, ධන ලාභ ලොතරැයි දිනුම් ලැබීමේ වාසනාව හිමිය.

පොදුවේ ලග්න වශයෙන් ගත් කල සිකුරු මකරයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප‍්‍රතිඵල උදා වනු ඇත.

මේෂ ලග්නය –

රැකියා අංශවලින් යහපත උදා වනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමි වනු ඇත. මෙම කාල සීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව ද හිමි වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ.

වෘෂභ ලග්නය –

රැකියා බලාපොරොත්තු ඉටුවන හා නව රැකියා හිමි වන කාලයකි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට සුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට සුභ වෙයි. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත.

මිථුන ලග්නය –

මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය.

කටක ලග්නය –

ඔබට මෙම සිකුරු මාරුව සමග විවාහ වාසනා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ ලග්නය –

ලග්නයෙන් 6 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාල සීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප‍්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාල සීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

කන්‍යා ලග්නය –

සිකුරු ඔබේ ලග්නයෙන් 5 වැන්නේ ගමන් කරන මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඉවත්වීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක් පෙනේ. ලැබීම් නොසිතූ ලෙස පහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. ශරීර සැප ලැඛීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. මංගල යෝග උදාවන කාලසීමාවකි.

තුලා ලග්නය –

ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරුගේ ගමන මත සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට ද හැකියාව ඇත. මුත‍්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත.

වෘශ්චික ලග්නය –

ලග්නයෙන් 3 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාල සීමාව ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදිපිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාර ද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ධනු ලග්නය –

සිකුරු ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.

මකර ලග්නය –

ලග්නයේ සිකුරු ගමන් කරන මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. තරග විභාගවලින් ජය හිමි වනු ඇත.

කුම්භ ලග්නය –

එදිනෙදා කටයුතුවලදි යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල් වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධ ද ඇති විය හැකියි. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

මීන ලග්නය –

ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම සම්පත්
එස් කල්පගේ
0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment